බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

" අනේ පැටියා කිරි කටට ගන්නවා ටිකකින් අඬනවා. කිරි මදිද දන්නෙ නෑ" "පැටියා ගෙ බර වැඩි වෙලා නෑ මේ මාසෙ. කිරි මදි ද කොහෙද" "කිරි බොන්නෙම නෑ අඬනවා ඉවරයක් නැතුව. කිරි ත් නැද්ද මංදා" ආයුබෝවන් හැමෝටම! අදත් අපේ අම්මලා ගොඩක් දෙනෙක් ට ප්‍රශ්නයක් වුන දෙයකට උත්තර අරන් තමා මම ආවේ. අපේ චූටියා හේතුවක් නැතිව අඬන හැම වෙලාවකම අම්මලා ට ඔලුවට එන පළවෙනි දේ තමා, "කිරි මදි වත් ද?" කියන දේ. බබා ට කිරි ඇති තරම් පෙවෙනවාද කියලා හරියටම සොයා ගන්න බැරි වීම තමයි මේකට ලොකුම හේතුව. කොහොම හරි අම්මලාට කිරි එරීම අඩු වීම සිදු වෙන්න පුළුවන්. ඒකට බලපාන්න පුළුවන් හේතු කිහිපයක්ම තියෙනවා. අම්මාට නිසි පෝෂණයක් නොලැබීම අම්මා ගෙ මානසික සෞඛ්‍ය බබා කිරි උරා නොබීම අම්මා ගෙ තනපුඩු වල අක්‍රමිකතා අම්මා ගේ හෝමන මය ගැටලු බබා ගේ මුඛයේ අක්‍රමිකතා - lip tie, tongue tie මව පානය කරන ජලය/දියර ප්‍රමාණය මේවා ගෙන් බොහෝමයක් හේතූන් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මඟින් සුව කර ගත යුතු ප්‍රශ්න. නමුත් මවගේ පෝෂණය කියන්නේ ඉතා පහසුවෙන් අපි විසින්ම විසදාගත හැකි ගැටලුවක්. ඉතින් මේ තියෙන්නේ ...