බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant


" අනේ පැටියා කිරි කටට ගන්නවා ටිකකින් අඬනවා. කිරි මදිද දන්නෙ නෑ"

"පැටියා ගෙ බර වැඩි වෙලා නෑ මේ මාසෙ. කිරි මදි ද කොහෙද"

"කිරි බොන්නෙම නෑ අඬනවා ඉවරයක් නැතුව. කිරි ත් නැද්ද මංදා"

ආයුබෝවන් හැමෝටම!

අදත් අපේ අම්මලා ගොඩක් දෙනෙක් ට ප්‍රශ්නයක් වුන දෙයකට උත්තර අරන් තමා මම ආවේ.

අපේ චූටියා හේතුවක් නැතිව අඬන හැම වෙලාවකම අම්මලා ට ඔලුවට එන පළවෙනි දේ තමා, "කිරි මදි වත් ද?" කියන දේ.

බබා ට කිරි ඇති තරම් පෙවෙනවාද කියලා හරියටම සොයා ගන්න බැරි වීම තමයි මේකට ලොකුම හේතුව.

කොහොම හරි අම්මලාට කිරි එරීම අඩු වීම සිදු වෙන්න පුළුවන්. ඒකට බලපාන්න පුළුවන් හේතු කිහිපයක්ම තියෙනවා.

අම්මාට නිසි පෝෂණයක් නොලැබීම
අම්මා ගෙ මානසික සෞඛ්‍ය
බබා කිරි උරා නොබීම
අම්මා ගෙ තනපුඩු වල අක්‍රමිකතා
අම්මා ගේ හෝමන මය ගැටලු
බබා ගේ මුඛයේ අක්‍රමිකතා - lip tie, tongue tie
මව පානය කරන ජලය/දියර ප්‍රමාණය

මේවා ගෙන් බොහෝමයක් හේතූන් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මඟින් සුව කර ගත යුතු ප්‍රශ්න. නමුත් මවගේ පෝෂණය කියන්නේ ඉතා පහසුවෙන් අපි විසින්ම විසදාගත හැකි ගැටලුවක්.

ඉතින් මේ තියෙන්නේ ඒ ප්‍රශ්නය ට පිළිතුරු....

මව් කිරි එරීම වැඩිකර ගත හැකි ආහාර.

ඕට්ස් Oats
කොස් Jack fruit
පොලොස් Baby jack fruit
නිවිති Spinach
සුදු ලූනු Garlic
උලු හාල් Fenugreek
බාර්ලි Barley
අමු පැපොල් unripe Papaya
බීට් කොළ Beet leaves
කැරට් Carrot
කලු තල Black Sesame
අසමෝදගම් ඇට Ajwain/Carom seeds
කොත්තමල්ලි ඇට Coriander
මහදුරු Funnel
සූදුරු Cummin
සම්පූර්ණ තිරිඟු Whole wheat
රතු හාල් Red rice
ආමන්ඩ් Almond
බතල Sweet Potato
කඩල Chick Peas
දිය ලබු  Bottle Gourd
මුරුංගා Drumsticks
එළකිරි Cow Milk

මීට අමතරව, හොඳ පෝෂදායී සමබල ආහාර වේලක් ගැනීම අප කොයි කාගෙත් මනා සෞඛ්‍ය ට හේතුව ක් වෙනවා.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent