පැනයට පිළිතුරු 01 (Problem_Solving)


පැනයට පිළිතුරු 01 (Problem_Solving)

පැනය :
මගේ බබා කිරි බොනවා අඩුයි. බරත් අඩුයි. කිරි මදිද දන්නෑ.

මොනවද කරන්න ඕනි?


පිළිතුර :
විසඳුම 01
සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුට පෙන්වා උපදෙස් ගන්න.

ඇතැම් බබාලා ට කිරි බීමට අපහසු වන ආකාරයේ ගැටලු පවතින අතර සුදුසු වෛද්‍ය උපදෙස් මඟින් විසඳා ගත හැකියි.

උදා.
•දිව යටි තල්ලට වැඩිපුර සම්බන්ධ වී තිබීම - tongue tie


•උඩු තොල විදුරුමසට වැඩිපුර සම්බන්ධ වී තිබීම - lip tie


විසඳුම 02
කිරි දොවා දීම



ලොව පුරා වෛද්‍ය වරුන් අනුමත කරන හා මව්වරුන් භාවිතා කරන ක්‍රමයක් වන මව් කිරි දෙවීම එහෙමත් නැත්නම් pump කිරීම අලුත උපන් දරුවන්ට පෙවෙන කිරි ප්‍රමාණය නිශ්චිතව දැන ගත හැකි එකම ක්‍රමයයි.

තන පුඩුවේ අඩුපාඩු හෝ දරුවා කිරි ඉරීමේදී මතු වන ගැටලු සඳහා යොදා ගත හැකි උපක්‍රමයක් වුවත් මෙය තනපුඩුවෙන් මව් කිරි ලබා දීම තරම් පහසු කාර්යයක් නොවේ. නමුත් රැකියා වල නියුතු මව් වරුන්ට නම් මෙය වඩාත් සහනයකි.

මව් කිරි දෙවීමට භාවිතා කරන විවිධාකාර උපකරණ රැසක් වෙළඳපොලේ ඇති අතර තමාට පහසු හා ගැලපෙන යම් උපකරණයක් භාවිතා කිරීම පහසුවක් වේ. එලෙසම දරුවාට කිරි පෙවීම සඳහාත් භාවිතා කරන බෝතල් වර්ග බොහෝමයක් වෙළඳපොළේ ඇති අතර බබාට පහසුවෙන් වගේම මවගෙන් හා සමානව කිරි බීමට හැකි බෝතලයක් සපයා ගැනීමයි සුදුසු.

මොනම ආකාරයේ උපකරණ හා බෝතල් ලබා ගත්තද මේ සියල්ල භාවිතා කරන සෑම විටම ජීවානුහරනය කිරීම අනිවාර්යයෙන්ම කල යුත්තකි. මෙය වඩාත් පහසුවෙන් කර ගැනීම සඳහාම වන උපකරණ වෙලඳපෙලේ ඇති නමුත් සාමාන්‍ය පරිදි කිරීමද ප්‍රමාණවත්.

මෙහිදී දෙවීමට හා කිරි පෙවීමට යොදාගන්නා සෑම කොටසක්ම  බදුනක බහා, සියල්ල වැසෙන තෙක් ජලය දමන්න. බදුන ලිප මත තබා, වතුර නටන්නට හැර විනාඩි 10ක් පමණ එලෙසම තබා, ජලය සිසිල් වූ පසු දෙඅත්ද පිරිසිදු කර ගෙන, අඬුවක් (thong) ආධාරයෙන් බඳුනෙන් පිටතට ගෙන පිරිසිදු මතු පිටක් මත තබා හොඳින් වියලා ගන්න.

මව් කිරි දොවා ලබා දෙන අතර තන පුඩුවෙන්ද කිරි බීමට දීම වැදගත් වේ.

විසඳුම 03
බබා කිරි බොන ප්‍රමාණය ගණනය කිරීම.



දරුවෙකුට පෙවිය යුතු අවම ප්‍රමාණය දල වශයෙන් පහත පරිදි වේ. මෙය බබාගේ බර අනුව

කාලය අනුව
වයස සති 0-6 - පැය 1-3 වරක්, විනාඩි 30-60
වයස සති 6 මාස 3 - පැය 1-3 වරක්, විනාඩි 10-30
වයස  මාස 3-6 - පැය 1-3 වරක්, විනාඩි 10-30 (පැයකට අවුන්ස 1-1.3)

ප්‍රමාණය අනුව
වයස සති 0- මාස1 - පැයකට 2-3 වරක්, අවුන්ස < 3
වයස මාස 1-4 - දිනකට වාර 8, අවුන්ස 2-4
වයස මාස 4-6 - දිනකට වාර 6, අවුන්ස 3-5
වයස මාස 6-9 - දිනකට වාර 4-5, අවුන්ස 3-5
වයස මාස 9-12 - දිනකට වාර 4, අවුන්ස 3-5

විසඳුම 04
මව කිරි වඩන ආහාර වැඩිපුර ආහාරයට එක් කරගැනීම.




අදාල ලිපිය පහතින්.

https://m.facebook.com/story.php?story_fbid=410482059806711&id=401636987357885&__tn__=%2As%2As-R

Comments

  1. මගේ බබාට මාස 3යි. එයා දවස් 2ක 3ක ඉදලා ගොඩාක් අඩනවා. කිරි බිලා ගුඩුස් ගියාට පස්සෙත් වමනය කරනවා. මොකක්ද හේතුව ???

    ReplyDelete
  2. කිරි වමනය එසේ යාම සාමාන්‍යයි. නමුත් බබා ඇඬීම එක දිගින් දිගටම වැඩි වේලාවක් පවතී නම් colic තත්ත්වය විය හැකියි. Gripe Water මඟින් තාවකාලික සහනයක් බබාට ලබා දිය හැකි නමුත් දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. වැඩි ප්‍රමාණයක් ඉදිරියට විදිමින් වමනය යනවා නම් එය සාමාන්‍ය වමනය විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි

    ReplyDelete
  3. මාස 9 බබාට වකුය⁣ොගඟ.... න වතුර දිනකට දිය හ යුතු ප්‍රමාණය කොච්චර ද

    ReplyDelete
  4. බබාට මාස 2 සති 3ය්. කිරි මදි වෙන්න පුලුවන්ද දැන්. කිරි හැදෙනව අඩුයි වගෙ දැනෙනව.එහෙම වෙන්න පුලුවන්ද




    ReplyDelete
  5. බබා වැඩිපුර නිදාගන්න උත්සාහ කරනවා. දැන් මාස 2 යි. කිරි බොන්නේ විනාඩි 5ක් 10 ක් වගේ. ඒ එක්කම නිදාගන්නවා .එය රෝගී බවේ ලක්ෂණයක් ද?

    ReplyDelete
  6. මගේ බබා පැය 2කට වරක් කිරි බොනවා.මාස 2යි.ඒත් මුත්‍රා පහවෙන වාර ගණන ගොඩක් අඩුයි.හේතුව මොකක්ද?

    ReplyDelete
  7. මුල් මාසේ බබාට කිරි අවුන්ස 3ක් දෙන්න ඕනි දවසටමද.... නැතිනම් එක වාරයකටද...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent