හිතකර/ අහිතකර මේදය




මේදය යනු අපේ ශරීරයට අතයාවශ්‍ය පෝෂකාංග අතුරින් එකකි.
නමුත් මේදය සෞඛ්‍යමත්ව පරිභෝජනය නොකලහොත් බොහෝ රෝග වලට ගොදුරු වීමේ ඉඩ කඩ වැඩියි.

මේදය සැදී ඇත්තේ, මේද අම්ල වලින් වන අතර මේද අම්ල ආකාර දෙකකි.

 • සංතෘප්ත මේදය - සත්වමය තෙල්
• අසංතෘප්ත මේදය - ශාකමය තෙල්





බටර් වැනි සත්ව තෙල් වල අඩංගු සංතෘප්ත මේද වලින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහල දැමීමක් සිදු වුවත්, ශාක තෙල් වලින් සාදන මාජරින් මෙන් හිතකර කොලෙස්ටරෝල් මට්ටමද අඩු කිරීම නොකරයි.


ශාක තෙල් ශරීරයට වඩා හිතකර වුවත්, අධික උෂ්ණත්වයකට ලක් කිරීමේදී අහිතකර ට්‍රාන්ස් මේදය නිපදවනවා.

උදා. මස්, අල පෙති බැදීම



එලෙසම බොහෝ ආහාර නිෂ්පාදනය කර්මාන්ත වලදී වානිජ පරමාර්ථ හේතුවෙන් ශාක තෙල් හයිඩ්‍රජනීකරනය කර භාවිතා කරන අතර එහිදීද මෙම ට්‍රාන්ස් මේදය සෑදීම සිදු වෙනවා.

උදා. බිස්කට් නිෂ්පාදනය

මෙම ට්‍රාන්ස් ෆැට්;

ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහල දැමීමටත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීමටත් හේතු වෙන අතර රෝගාබාධ බොහෝමයකට හේතු වෙනවා.

• හෘදයාබාධ ඇති කිරීම.
• අහිතකර වර්ගයේ(LDL) කොලෙස්ටෙරොල් වැඩි කිරීම.
• පිළිකා ඇති කිරීම.




අඩු උපත් බර සහිත දරුවන් ඉපදීමටත් මෙම ට්‍රාන්ස් ෆැට් හේතු වන බවයි පර්යේෂණ වලින් සොයාගෙන ඇත්තේ. අප කවුරුත් දන්නා පරිදි අඩු උපත් බර සහිත දරුවන් පසුකාලීනව බෝ නොවන රෝග වලට ලක්වීමේ ඉඩකඩ වැඩියි.

ගැඹුරු තෙලේ බැදීමට ගන්නා තෙල් නැවත නැවත භාවිත කිරීමේදී මෙම හානිකර ට්‍රාන්ස් මේදය සෑදීමේ ඉඩකඩ වැඩි අතර, මේ නිසා බැදීම සඳහා ගන්න තෙල් නැවත භාවිතා කිරීම හැකිතාක් අවම කිරීමට පියවර ගතයුතුයි.


පොල් තෙල් වල සංතෘප්ත මේද අම්ල ප්‍රමාණය සාපේක්ෂව වැඩි අතර, එම නිසා අධිකව රත් කිරීමේදී ට්‍රාන්ස් මේදය සෑදීමේ සම්භාවිතාවය සාපේක්ෂව අඩුයි. මේ නිසා ගැඹුරු තෙල් වල බැදීම සඳහා සුදුසු සෞඛ්‍යමත් භාවයෙන් වැඩි වන්නේ පොල් තෙල්ය.


කෙසේනමුත්, වානිජ ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී, පොල්තෙල් භාවිතය කිසිවිටෙකත් සිදු නොකරනවා සේම තෙල් නැවත නැවත දිගින් දිගටම භාවිතා කරන බවත් අප සිහිතබා ගත යුතු කරුණකි.

© kalSwijesooriya @ KC & Baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent