බබාගේ තෙල් වල සහ පැතලි හිස (baby's soft spot and flat head syndrome)



තෙල් වල

පැටියා සාමාන්‍ය ආකාරයෙන් (natural/normal/virginal birth) උපත ලබන විට බබා තෙරපීමකට ලක් වෙනවා. ඒ ඒ බබාගේ හිසේ ප්‍රමාණයත්, අම්මා ගේ ශරීරයේ වෙනස්කම් මතත් මේ තෙරපීම අඩු වැඩි වෙනවා. මෙන්න මේ තෙරපීමට හිස් කබල ඔරොත්තු දෙන්න තමයි බබාලාට තෙල් වල - soft spot (anterior fontanelle) පිහිටන්නේ. අපි දන්නේ තෙල් වලවල් එකයි නේ, නමුත් හිසේ පිටුපසත් මෙවැනිම තවත් හිස් ස්ථානයක් පවතිනවා. (posterior fontanelle) තෙල් වල කියන්නේ, බබාගේ හිස් කබලේ කොටස් එකිනෙක හා නොවීම නිසා ඉතිරිව පවතින ස්ථානයි. තෙල් වල ඇල්ලුවා කියලා හානියක් වන්නේ නම් නැහැ.



කෙසේ හෝ, මේ තෙල්වල වල් නිසා බබා උපත ලබන විට හිස් කබලේ හැඩය වෙනස් වෙමින් බබා පිටතට පැමිණීම පහසු කරනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී බබා පිටතට පැමිණි පසුත් මේ වෙනස් වූ හැඩයන් ඒ ආකාරයෙන්ම පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී තමා බබාගේ ඔලුව දිගයි, බිම දාලා හදන්න වෙයි කියන කථාව මතු වෙන්නේ.



හිසේ හැඩයේ වෙනස්කම්

උපත ලැබූ පසුවද බබාගේ තෙල් වල වසර 2ක් පමණ ගත වන තුරුත් සම්පූර්ණයෙන් හා වීම සිදුවෙන්නේ නැහැ. නමුත් කුඩා වයසේ නිතර සිදුවන වැටීම්, හිස තදින් හැපීම් ආදී අනතුරු වලදී මෙම තෙල්වල වල් නිසා බබාගේ හිස් කබලට හානි වීම අවම කරනවා වගේම බබා වයසින් වැඩීමත් සමඟ ප්‍රමාණයෙන් ද වර්ධනය වෙන මොලය සඳහා හිස් කබල පුලුල් වී ඉඩ ලැබෙන්නේ මේ තෙල් වල නිසායි.


නමුත් මෙහි තවත් එක් අන්තයක් තිබෙනවා. දිගින් දිගටම බබා හිස පිටුපස මත සිටීම සිදු වුවහොත් හිස පිටුපස පැතලි වීමකට (flat head) ලක් වීම සිදු වෙනවා. ඒවගේම නිතරම පැත්තකට හරවා සිටියහොත් එම පැත්තත් මෙලෙස පැතලි වීමක් දක්නට ලැබෙනවා. එසේ සිදුවන්නේ, තවමත් නිසි ලෙස හා වී, සකස් නොවූ හිස් කබලෙහි, හැඩය වෙනස් කර ගැනීම හැකියාව නිසයි.

හැඩය නිවැරදි වීම

කෙසේ නමුත් බබා වයස අවුරුදු 5ක් වූ විට බබාගේ හිස කබලේ කොටස් ස්ථීර ලෙස හා වීම සිදු වෙනවා. මේ වන විට බබාගේ හිස නියමිත හැඩය ට සකස් වීම ඉබේම සිදු වෙනවා. මේ සඳහා බබා ඇඳ මත සෑම විටම එකම පසකට හා එකම අතකට තැබීමෙන් වැලකීම පමණක් ප්‍රමාණවත්. බබාගේ දික් වූ හිස් කබල බබා බිම තැබීමක් කලත් නොකලත් කාලයත් සමඟ නැවත නිසි පරිදි සකස් වීම සිදු වෙනවා.



බබාගේ මොලයේ වර්ධනයට බලපෑමක් මින් සිදු නොවන නමුත් වර්ධනයේ යම් පමා වීමකට ලක් විය හැකි බවට මත ඵල වෙනවා. එබැවින් නොසලකා හැර සිටිය යුතු නොවන අතර ඉතා පහසුවෙන් නිවැරදි කර ගත හැකි වේ.



මේ සදහා,

බබා මුනින් අතට(tummy time) තැබීම.
වැඩි කාලයත් වඩා ගෙන සිටීම.
එකම අතකට නිදි නොකිරීම.

කල හැක.

සියුම්ව බබාගේ ශරීරය සම්භාහනය කිරීම බබාගේ  මනා වර්ධනයට උපකාරී වන නමුත් මෙය බබාගේ අත පය හි ඇද ඇරීමට සිතා තදින් කල යුතු ක්‍රියාවක් නොවේ. ඉතා සියුම් අත ගෑමක් පමණයි. බබාට සුදුසු තෙල් වර්ගයක් භාවිතා කිරීමෙන් බබා සම නීරෝගී වීමට හේතු වෙනවා.


කෙසේ නමුත්, බබා ජන්මයෙන් රැගෙන එන(ජාන වලට අනුව) දේහ ලක්ෂණ අවසානයේ උරුම වන බව දෙමාපියන් විසින් වටහා ගැනීම වැදගත්.
  

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent