Finger foods




මොනවද මේ finger foods?


බබා ට තනිව අල්ලා කෑමට හැකි, කුඩා කැබලි ලෙස සකස් කරගත් ආහාර.


ලබා දිය යුතු වයස?


අනුමතය වන්නේ මාස 8 - 9 වන විට ලබා දීමයි.



නමුත්, ආහාරයේ ස්වභාවය අනුව ඊට පෙර වුවත් ලබා දිය හැකියි. ඉතා ඉක්මනින් පොඩි වන සුලු, බබාට සිර වීමේ අවදානමක් නැති ආහාර වර්ග මෙසේ ලබා දිය හැකියි.
උදා. හොඳින් ඉදුනු අලිපේර කුඩා කැබලි  



එසේ ලබා දීමේ වැදගත්කම?

• බබා ස්වාධීනත්වය (independence) උගනී
• බබා ගේ ආත්මවිශ්වාසය (self-confidence) ගොඩනැගීමේ පළමු පියවර මෙය විය හැකියි.
• සියුම් පේශි (ඇඟිලි තුඩු) භාවිතයෙන් යමක් ග්‍රහනය කර ගැනීමේ සුරු හැකියාව(fine motor skills) ලබයි.
• ඇස් හා ඇඟිලි අතර සමායෝජන (coordination) හැකියාව වර්ධනය කරයි.
• ආහාර වල; විවිධ ස්වභාවයන් - textures(රළු, සිනිඳු), වර්ණ, හැඩ, සුවඳ හඳුනාගැනීමට හැකියාව ලබයි.
• බබා ආහාර ගැනීමට ප්‍රිය වේ.


හඳුන්වා දිය යුත්තේ කෙසේද?

Finger food කැබලි 3 -4 ක් feeding chair එක මත හෝ නොබිඳෙනසුලු පැතලි පිඟානක් මත බබා ට ලඟා විය හැකි පරිදි තබා කෑමට ඉඩ දෙන්න. බබා ආහාරයට ගන්නා විට නැවත නැවත කැබලි ලබා දෙන්න.

(මෙහිදි මව, පියා හෝ වැඩිහිටි අයෙකු, වැඩි අවදානයක් සහිතව බබා අසලම සිටීම අනිවාර්ය වේ)


ලබා දිය යුතු ආහාර වල ස්වභාවය?
• බබාට තවමත් ආහාර සැපීමට තරම් දත් නැති නිසා විදුරුමස මඟින් සැපිය හැකි තරම් මෘදු හෝ කට ඇතුලේදී දියවන සුලු ආහාර විය යුතුයි.
• බබාට පහසුවෙන් කට ඇතුලට දමා ගත හැකි හා අතින් අල්ලා ගැනීමට හැකි තරම් හා බබාට සිර වීමේ අවදානම අඩු ලෙස කැබලි කල යුතුයි.
• පෙර පරිදිම අමතර සීනි හා ලුණු එක් නොකල හා පෝෂණ ගුණයෙන් අනූන ආහාර ලබා දිය යුතුයි.
• ආහාර විවිධාංගීකරණය කිරීමද ඉතා වැදගත්ය.




finger foods ලෙස ලබා දිය හැකි ආහාර

• හොඳින් තම්බා ගත් එළවලු කැබලි
උදා. කැරට්, අල, කහ බතල, වට්ටක්කා, ගෝවා මල්, බෝංචි, බ්‍රොකලි

• හොඳින් ඉදුනු පළතුරු කැබලි
උදා. අලිපේර, අඹ, පැපොල්, කොමඩු, කෙසෙල්, ස්ට්‍රෝබෙරි, අන්නාසි, ඇපල්, මිදි(4ට පලා ඇට ඉවත් කර)

• පාන්, සීනි රහිත බනිස් කැබලි - සම්පූර්ණ තිරිඟු පිටි වලින් සාදන ලද නම් වඩාත් සුදුසුයි (බටර්, චීස්, ඇට වර්ග, පලතුරු තැවරුම් එක් කර වඩාත් ගුණදායී කල හැක )


• හොඳින් තම්බා ගත් කුඩා පැස්ටා වර්ග


• කුඩා මෘදු චීස් කැබලි


• හොඳින් තම්බා ගත් හෝ scramble කල බිත්තර කැබලි


• හොඳින් පිස ගත් මස්, මාලු කුඩා කැබලි


• තම්බා ගත් මස්, මාළු (හෝ එලවලු) වලින් සැකසූ meat balls,
hot dogs, burgers, fingers



• ටෝෆු කැබලි


• හොඳින් තම්බා ගුලි ලෙස සැකසූ ධාන්‍ය (කිරි එක් කල හැක)
උදා. රතු සහල්, ඕට්ස්,


• මෘදු අමතර සීනී රහිත බිස්කට්/ baby cookies


• අමතර සීනී, ලුණු රහිත ක්‍රැකර් බිස්කට් වර්ග(sodium අධික නොවිය යුතුයි)

• ස්වාභාවික සීනි යොදා සැකසූ කේක්, කප් කේක්, මෆින් වර්ග
උදා. Banana bread, carrot muffins



• කැබලි සීරියල් ("O" cereals)



~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent