වටු බිත්තර (quail eggs)


මොනවාද මේ වටු බිත්තර? (quail eggs) 



කිකිළි බිත්තර වලට වඩා ආසාත්මික වීමේ ප්‍රවණතාවයෙන් අඩු, නමුත් පෝෂණ ගුණයෙන් ඉහළ වටු කුරුලු බිත්තර රසවත් ආහාරයක් ලෙස ලොව පුරා බොහෝ රටවල ආහාර වලට එක් වේ.




දරුවන්ට ආහාර හඳුන්වා දීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ආසාත්මික වීමේ ප්‍රවණතාවය වටු බිත්තර වල ඉතා අවම නිසා, කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට වර්තමානයේ බොහෝ මව්වරුන්ගේ ආහාර වට්ටෝරු වලට එක් වෙන වටු බිත්තර දරුවන්ට දිය යුතු ආකාරය පහත පරිදි වේ.

• මාස 9- අවු: 1  - දිනකට කහ මද 1
• අවු: 1-3 -  දිනකට සම්පූර්ණ බිත්තර 1
• අවු: 3-7 -  දිනකට බිත්තර 2-3
• අවු: 7-වැඩි - දිනකට බිත්තර 3-5


ආසාත්මික වීමේ ප්‍රවණතාවයෙන් අඩු වුවද කුඩා දරුවන්ට හඳුන්වා දීමේදී, දින 3 ආසාත්මික පරීක්ෂාව සිදු කර ලබාදීම වඩාත් සුදුසුයි.

වටු බිත්තර ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් නිසා ආසාදනකාරක රෝග වලින් දරුවන් ආරක්ෂා වීමට හේතු වේ. වටු කුරුලු බිත්තර ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර විටමින් හා අතයාවශ්‍යය ඛනිජ එන්සයිම වලින්ද අනූනයි. මේ නිසා දරුවන් ඌණතා රෝග වලින් ආරක්ෂා කර මනා වර්ධනයක් ඇති වීමටද හේතු වේ.

වටු කුරුලු බිත්තර වල පෝෂකාංග පහතින් දැක්වේ.


Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

පැටියා ගේ කෑම රස කරන්නෙ කොහොමද? How to make baby food yummy?