චූටි පැටියාට මුල් මාස 6 දී අත්යාවශ්‍යම වන දේවල් - Baby Essentials up to 6 months

නිවසකට, පවුලකට පුංචි අලුත් අමුත්තෙක් එහෙමත් නැත්තම් තවත් සාමාජිකයෙක් එක් වෙන්න යනවා කියන්නේ ගෙදර හැමෝටම විතරක් නෙවේ පවුලේ හැමෝටමත් සුභම සුභ ආරංචියක්. ඒ වගේම ඒක හරි උතුම් භාග්‍යයක් වගේම භාරධූර වගකීමක්.
දින, සති, මාස ගෙවෙන කොට, අම්මා ගේ බංඩිය ටික ටික ලොකු වෙන කොට, පැටියා වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ඇතුලු බොහෝ දේවල් සූදානම් කර ගන්න ඕනි. අලුත් අම්මලාට නම් මේක හරිම සතුටු වගේම ටිකක් විතර හිතාගන්න අමාරු වැඩක්. ඇයි එක එක අය ගන්න කියන්නේ එක එක දේවල්. ඒත් අවශ්‍ය හැම දේම දැනගන්න විදිහක් නැහැ.
ඉතින් අද ලිපිය අලුත් පැටියෙක් වෙනුවෙන් පැටියාට අවුරුද්දක් වෙනකල් අවශ්‍ය වෙන දේවල් ගැනයි. පැටියා ලැබෙන්න රෝහල් ගත වෙද්දී අවශ්‍ය කරන දේවල් විවිධ රෝහල් වලින් ලබාදෙන්නේ එකිනෙකට වෙනස් විදිහට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නම් මේ ලිපියෙන් කථා කරන්නේ නැහැ. නමුත් එවැනි බොහෝ ලැයිස්තු වල අඩංගු දේවල්ද මෙහි අන්තර්ගත වේවි.

ළදරුවෙක්ට භාණ්ඩ මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල්
- භාණ්ඩයේ හා නිෂ්පාදන ද්‍රව්‍යයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය
- සමට හිතකර බව - dermatologically-tested
- වෛද්‍ය අනුමතය - approved by paediatricians
- සුවපහසු බව
- අඩංගු අමුද්‍රව්‍ය, වර්ණක, සුවඳකාරක
- සකස් කිරීමට යොදාගෙන ඇති ද්‍රව්‍ය ex. BPA free
- අවශ්‍ය කරන ප්‍රමාණ
- භාවිතයේ පහසුව
- බබා උපත ලැබීමට නියමිත ඍතුව (වැසි අධික, වියලි)
- භාණ්ඩයේ අවශ්‍යතාවය
භාණ්ඩ මිලදී ගැනීමට පෙර කල යුතු දේ
- අවශ්‍ය කරන ද්‍රව්‍ය ලැයිස්තුවක් සකස්කර ගන්න
- අත්දැකීම් සහිත හා විශ්වාසවන්ත අයගෙන් අවශ්‍ය දේ ගැන විමසන්න
- අවශ්‍ය විටෙක වෛද්‍යමය උපදෙස් ලබා ගන්න(පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගත හැකියි.)
- මිලදී ගත හැකි වෙළඳ ස්ථාන කීපයක් හඳුනාගන්න
- මුදල් වෙන්කර තබන්න
අමතරව:
- භාණ්ඩය මිල දී ගැනීම අතයාවශ්‍යමද
- ඒ සඳහා යොදාගත හැකි ආදේශක ඇත්ද
- එය තමන් විසින්ම නිර්මාණය කර ගත හැකිද
ආදිය ගැනත් සැලකිලිමත් වීම ගෘහනියන් ලෙස වැදගත්.

භාණ්ඩ මිලදී ගත යුතු කාලය
ළදරුවා වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සිදු කරන කාලය තීරණය කිරීමට විවිධ සාධක බලපායි.
විවිධ විශ්වාස හා මතයන්
විශේෂයෙන් ආසියාතික රට වල විවිධ විශ්වාස හා මත අනුව ළදරුවෙක් වෙනුවෙන් අවශ්‍ය දේවල් මිල දී ගන්නා කාලය වෙනස් වෙනවා. ප්‍රධාන ලෙස ශ්‍රී ලංකාවේ නම් කළලයට යම් මාස ගණනක් (බොහෝ විට 7) සම්පූර්ණ වන තුරු මෙය පමා කරන අතර, ඉන්දියාව වැනි රට වල දරුවා උපත ලබන තුරුම ප්‍රමාද කරන අවස්ථාද ඇත. බටහිර රට වල නම් බොහෝ විට සිදු කරන්නේ ගර්භනී කාලයේ අවදානම් කාල සීමාව ලෙස සැලකෙන මාස 3ක කාලය පසු වන තුරු පමා කිරීමයි.
මිලදී ගන්නා කාලය කෙසේ වුවත් ඔබ මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන මුදල එක්රැස් කර වෙන් කර තබා ගැනීමයි සුදුසු.
දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම - Gender Identification
ස්කෑන් පරීක්ෂාවක් සිදු කර කළලයේ ස්ත්‍රී පුරුෂ භාවය නිර්ණය කිරීම වර්තමානයේ බහුලව සිදු කරන්නක්. මේ නිසාම බොහෝ මව් වරුන් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගන්නා තෙක් අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම පමා කරන්නේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවයට අදාල වර්ණයෙන් ද්‍රව්‍ය මිල දී ගැනීමේ අරමුණ ඇතිවයි.
නමුත් වර්තමානයේ බොහෝ නැඹුරුතාවයක් දක්වන්නේ එම සම්මත වර්ණයන් වන රෝස සහ නිල් වර්ණයන්ගෙන් බැහැරව බබාට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කිරීමයි. (Gender neutral)


උදා . ලා කොල, ලා අලු, ලා දම්, සුදු (කහ පැහැය අලුත උපන් දරුවන් වෙනුවෙන් අනුමත නොකරන්නේ අලුත උපන් දරුවන් ට වැලදීමේ අවදානමක් ඇති කහ උණ රෝගය හඳුනා ගැනීමට එමඟින් බාධා සිදු වන නිසායි.


මවට අපහසුතා අවම කාලය
බොහෝ මව්වරුන්ට ගර්භනී භාවයේ මුල් මාස 3 (1st trimester) අපහසුතා සහිත(උදෑසන ඔක්කාරය, වමනය ආදි) කාලයක් වන බැවින් එම කාලයේ මේ සඳහා කාලය වෙන් කිරීම අපහසු වන අතර එය ගර්භනී භාවයේ අවදානම් කාල සීමාව බැවින් අනවශ්‍යය වෙහෙස වීම් වලින් වැලකිය යුතු නිසා මුල් මාස කිහිපය මේ සඳහා සුදුසු නොවේ.

එලෙසම ගර්භනී සමයේදී අවසාන කාලපරිච්ඡේදය ද (3rd trimester) මවට ශාරීරික අපහසුතා සහිත(කකුල් ඉදිමීම, නිතර මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය ආදි) කාල සීමාවක් වන නිසා එම කාලය ද ඒ සඳහා සුදුසු නොවේ.

මේ නිසා දරුවෙක් වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් මිල දී ගැනීමට සුදුසුම කාලය වන්නේ ගර්භනී සමයේ දෙවන කාර්තුව(2nd trimester) ලෙසයි මා දකින්නේ.
- DIAPERING - නැපි සහ ඩයපර්
- i. Nappy - නැපි
- ii. Snappy Fastners - නැපි කටු
- iii. Cloth Diapers - රෙදි ඩයපර්
- iv. Disposable Diapers - ඉවත ලන ඩයපර්
- CLOTHING - බබාට ඇඳුම්
- i. Baby Shirt - බේබි ෂර්ට්
- ii. Onesie/ Baby Vest - බේබි උඩුකය ඇඳුම්
- iii. Sleeper - බේබි නිදන ඇඳුම්
- iv. Baby Beanie/ Hat - හිස් ආවරණ/ තොප්පි
- v. Socks and Mittens - මේස් හා අත් වැසුම්
- vi. Stretchy Pants - ඇදෙනසුලු කලිසම්
- vii. Winter Cloths - වූල් ඇඳුම් හෝ ශීත ඇඳුම්
- Swaddle Blankets - එතීම සඳහා රෙදි (මස්ලින්/ මල්පීස්)
- Receiving Blankets - Quilt (බ්ලැන්කට්/ ක්විල්ට්/ ෆ්ලැනල් )
- Water proof Cot sheet - රබර් ෂීට්
- Diaper Rash Ointment/ නැපි රෑෂ් ක්‍රීම්
- Wash Clothes/ Cotton balls/ Wet Wipes - පුලුන් බෝල/ සේදුම් තුවා/ පිස්නා
- Cloth Bin/ Diaper Pail - නැපි බකට්
- Diaper Bag/ බෑගය
- Laundry Detergent/ රෙදි සේදුම්කාරක
- BATHING - නැහැවීමට
- i. Baby tub - නහවන බේසම
- ii. Baby Basin - සෝදන බේබි
- iii. Bowl - කෝප්පය
- iv. Bath Mat/Rack - නාන රැක් එක
- v. Wash Cloths - සේදුම් තුවා
- vi. Baby Shampoo/ Wash/ Soap - ෂැම්පු/ සබන්
- vii. Hooded Towel - බේබි තුවා
- BREAST FEEDING - මව්කිරි ලබාදීමට
- i. Nursing Bras - මව්කිරි ලබාදීම සඳහා වන තනපට
- ii. Breast Pads - මව්කිරි පිටතට ඒම වැලැක්වීමට යොදන තුවා
- Nursing Pillow - මව්කිරි ලබා දීමට පහසු වන C හැඩැති කොට්ටය
- Breast Pump - මව්කිරි දෙවීමට යොදාගන්නා උපකරණයක්
- Feeding Bottle with nippies - සූප්පුව සමඟ කිරි බෝතල්
- Bottle Brush and washing liquid - බෝතල් සේදීමට බුරුසු හා සබන් දියර
- SLEEPING - නිදි කරවීම සඳහා
- i. Baby Nest / Quilted Sheet and roll pillow set- ක්විල්ට් ශීට්- ළදරු කූඩුව /රෝල කොට්ට
- ii. Baby Mosquito Net - මදුරු දැල
- Crib and accessories - තොටිල්ල හා උපාංග
- BABY PRODUCTS - ආලේපන වර්ග
- *Baby Lotion
- *Baby Oil
- *Baby Colong (ඇඳුම් වල තැවරීමට)
- *Baby Powder (Prickly - heat)
- MEDICINE - බෙහෙත් වර්ග
- *Infant Paracetamol - ළදරු පැරසිටමෝල් වර්ගයක්
- *Gripe Water - ග්රයිප් වෝටර්
- *Saline Nasal Solution - සේලයින් දියර
- - නහය පිරිසිදු කිරීමට උපකරණයක්
- Thermometer - උෂ්ණත්වමානයක්
- NAIL CARE - නියපොතු කැපීමට
- *Scissors - කතුරක්
- *Nail Clipper - නියකපනයක්
- *Nail File - නිය මොට කරන උපකරණයක්
- Baby Carrier
- Stroller/ Go-Cart/ Baby Cart
- Baby Car Seat
01. DIAPERING - නැපි සහ ඩයපර්
දරුවෙක් මෙලොව බිහි වූ මොහොතේ පටන් වසර කීපයක් ගත වන තුරු අතයාවශ්‍යම දෙයක් ලෙස නැපි හා ඩයපර් හඳුන්වන්න පුලුවන්.
නැපි/ඩයපර් ලෙස භාවිතා කිරීමට තෝරාගත හැකි ආකාර කිහිපයකි.
- නැපි - හරි හතරැස්, රෙදි වලින් මසා ගත් නැප්කින්
- ඩයපර්
- Disposable Diapers - වරක් භාවිතා කල පසු ඉවතලන ඩයපර්
- Reusable/ Cloth Diapers - නැවත නැවත භාවිතා කල හැකි රෙදි වලින් සකස්කල ඩයපර්
ශ්‍රී ලංකාව ඇතුලු ආසියාතික රටවල බොහෝ විට මේ සඳහා නැපි ආකාරය භාවිතා කරන අතර බටහිර රටවල ඉවතලන ඩයපර් බහුලව භාවිතා කරයි.
i. Nappy
ඔබ නැපි ආකාරය භාවිතා කිරීමට තීරණය කලේ නම්;
- කුඩා ප්‍රමාණයෙන් (18"×18" හෝ 19"×19") නැපි - 30 පමණ
- විශාල ප්‍රමාණයෙන් (22"×22") නැපි - 40 පමණ

අදහස්: මෙම කුඩා නැපි බබාට ඇන්දවීමට අමතරව ගුඩුස් යැවීමේදී - Burp Cloth ලෙසත් පසුව බබාට කෑම කැවීමේදී Bib ලෙසත් යොදා ගත හැකියි. එනම් ඔබ නැපි නොමැතිව diaper ආකාරයක් බබාට බාවිතා කරන්නේ නම් burp cloth ලෙස වෙනමම නැපි සූදානම් කර ගත යුතු වේ.
ii. නැපි කටු / Snappy Fastners
බබාට ඇන්දවූ නැපිය රැඳවීම සඳහා කටු හෝ පහත රූපයේ දැක්වෙන ආකාරයේ රැඳවුමක් අවශ්‍ය වේ. බබාට ආරක්ෂිත මෙන්ම මවට පහසු ආකාරයක් තෝරාගත හැක.
iii. Cloth Diapers

රෙදිමය ඩයපර් වර්ග භාවිතා කිරීමට ඔබ තීරණය කලේ නම්;
- ඩයපර් පෑන්ට් - 15 පමණ
- ඩයපර් පෑඩ්/ටවල්/inserts - 40 පමණ
අදහස් : බබාට මුල්ම කාලයේදී නැපි භාවිතා කර පසුව ක්ලෝත් ඩයපර්ස් භාවිතා කිරීමද කල හැක.

iv. Disposable Diapers
මෙය නම් සුදුසු හා තෝරාගත් මාදිලියකින් මුලින්ම අලුත උපන් දරුවන්ට (new born baby) අදාල ප්‍රමාණයෙන් මිල දී ගත යුතුයි. පසුව බබාගේ බර හා වයස අනුව විවිධ ප්‍රමාණයෙන් ද (S,M,L,XL) මෙම ඉවතලන ඩයපර් මිල දී ගැනීම කල හැකියි. මීට අමතරව පුරා රාත්‍රියක් සඳහා භාවිතා කල හැකි - over night diapers, ජලයේදී භාවිතා කල හැකි - swimming diapers, කලිසමක් ලෙස ඇන්දවිය හැකි - diaper pants ආදි විවිධ අවශ්‍යතා සඳහා ගැලපෙන ආකාරයේ විවිධ ඩයපර් වර්ග ලබා ගතහැකියි.

අදහස්: දවල් කාලයේදී බබාට නැපි හෝ ක්ලෝත් ඩයපර්ස් භාවිතා කලද, රාත්‍රී කාලයේදී මෙම Disposable ඩයපර්ස් භාවිතය බබාට මෙන්ම මවටද වඩාත් පහසුවක් ගෙන දෙයි. එමඟින් බබාට විවිධ අපහසුතා ඇති වේ යන්න දුර්මතයක් පමණි. එමෙන්ම, බබා නිවසෙන් බැහැරට රැගෙන යන අවස්ථා වලදීද Disposable ඩයපර්ස් භාවිතයෙන් බබාට, ඔබට මෙන්ම අන්අයටද සිදුවිය හැකි අපහසුතා වලක්වා ගත හැකියි.
Nappy හා Diaper සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට මෙම ලිපිය කියවන්න
02. CLOTHING - බබාට ඇඟලුම්
i. Baby Shirt - බේබි ෂර්ට්

බේබි ෂර්ට් කියන්නේ බබා ඉපදුනු මුල් කාලයේ පහසුවෙන් ඇන්දවිය හැකි, සුමට උඩුකය ඇඳුම්. මුල් දින කීපයේ පමණක් ඇන්දවීම සිදු කරන බැවින් මේවා 6-12 ක අතර ප්‍රමාණයක් සූදානම් කර ගැනීම ප්‍රමාණවත්. නමුත් මෙම ඇඳුම් ශීත දේශගුණයට නම් ගැලපෙන්නේ නැහැ.
- කුඩා ප්‍රමාණයෙන් - 3 - 6 පමණ
- තරමක් විශාල ප්‍රමාණයෙන් - 3 - 6 පමණ
ii. Onesie/ Baby Vest - බේබි උඩුකය ඇඳුම්

බබාට පහසුවෙන් ඇන්දවිය හැකි මෙන්ම වෙනත් රටවල අලුත උපන් දරුවන්ට ඇන්දවීමට භාවිතා කරන මෙම ඇඳුම් ශීත දේශගුණයටත් සුදුසු වන අතර බැහැර යාමේදී ඇන්දවීමට වඩාත් සුදුසුය. අවශ්‍ය නම් මෙය සමඟ ඉන තද නොවන කලිසමක් ඇන්දවීම කල හැකියි. මෙවැනි ඇඳුම් ඔබ භාවිතා කරන්නේ නිවසෙන් බැහැරදී පමණක් නම් 3 - 6 ක් ප්‍රමාණවත් වේ.
- අලුත උපන් දරුවන් ගේ ප්‍රමාණයෙන් (newborn size) - 3- 6 පමණ
- මාස 0-3 (0-3 months) ප්‍රමාණයෙන් - 3- 6 පමණ
- මාස 3-6 / 6-9 / 9-12 - 6- 12 පමණ
ඉහත ඇඳුම් ආකාරයට අමතරව බබාට ඇන්දවීම සඳහා බේබි වෙස්ට් හා කලිසම් යුගලද භාවිතා කල හැක. උෂ්ණ සහිත දේශගුණය සඳහා වඩාත් ගැලපෙන මෙම ඇඳුම් බබාට නිවසේදී අන්දවා තැබිය හැකියි.

- මාස 0-3 (0-3 months) ප්‍රමාණයෙන් - 3 - 6 පමණ
සටහන : මෙහි අන්තර්ගත කර ඇත්තේ බබා ට මුලින් සූදානම් කර ගත යුතු අවම ප්‍රමාණ පමණක් වේ.
iii. Sleeper - බේබි නිදන ඇඳුම්

බබාගේ ශරීරය සම්පූර්ණයෙන් වැසෙන පරිදි මෙන්ම ඇන්දවීම ඉතාම පහසු ආකාරයෙන් සකස්කර ඇති මෙම ඇඳුම් රාත්‍රී කාලයේදී මෙන්ම ශීත දේශගුණය සඳහාත් සුදුසු යි. රාත්‍රී කාලයේ බබාව පහසුවෙන් මෙන්ම උණුසුම්ව තැබීම සඳහා මෙවැනි ඇඳුම් 3-6 ක් පමණ ප්‍රමාණවත් වේ.
අදහස්: බබාව නිවසෙන් බැහැරට රැගෙන යාමේදී ද මෙම ඇඳුම් බොහෝ සුදුසු මෙන්ම පහසු වන අතර එයින් බබාගේ සම්පූර්ණ ශරීරයම වැසෙන බැවින් බබාව උණුසුම්ව තැබීමට අමතර රෙදි (බ්ලැන්කට්/ ෆැනල්) අවශ්‍ය නොවේ. පාද හා දෙඅත් වැසීමටද ඇඳුමෙහිම කොටස් ඇති බැවින් අමතර මේස් (Socks) හෝ අත් වැසුම් (Gloves) අවශ්‍ය නොවේ.


iv. Baby Beanie/ Hat - හිස් ආවරණ/ තොප්පි

ළදරුවන් වඩාත් සුව පහසුවට මෙන්ම උණුසුම්ව තැබීමත් අතයාවශ්‍ය බැවින් හිස ආවරණය කිරීම අනිවාර්යයෙන්ම කල යුත්තක්.
- හිස් ආවරණ 2-3 පමණ
v. Socks and Mittens - මේස් හා අත් වැසුම්
මවගේ ශරීරය තුලදී උණුසුම් ව සිටි අලුත උපන් බබා පරිසරයේ උෂ්ණත්ව වෙනසට හුරු වන තුරු උණුසුම්ව තැබීම අතයාවශ්‍ය වේ. මේ සඳහා බබාට මේස් හා අත් ආවරණ පැලදවීම සිදු කරයි. (ඉහත සඳහන් කළ baby sleepers වල මෙම කොටස්ද අඩංගු බැවින් අමතරව පැලඳවීම අවශ්‍ය නොවේ.)
- මේස් කුට්ටම් 2
- අත්වැසුම් කුට්ටම් 2

vi. Stretchy Pants - ඇදෙනසුලු කලිසම්
බබාට උඩුකය ඇඳුම් ඇන්දවූ විට, කකුල් උණුසුම්ව තැබීමට අවශ්‍ය විටෙක, ඉණ තද නොවන ඇදෙන සුලු කලිසම් ඇන්දවීම සිදුකල හැකියි. ඉණ කොටස රහිතව, කකුල් දෙක පමණක් ආවරණය කල හැකි ආකාරද ඇත. පාද කොටස නොමැති දිගු මේස් වැනි මේවා බබාව පිරිසිදු කිරීම හා නැපි මාරු කිරීමේදී වඩාත් පහසු වේ.
- 0 - 3 months - 2 - 3 පමණ
- 3 - 6 months - 2 - 3 පමණ
- 6 - 12 months - 3 - 6 පමණ

vii. වූල් ඇඳුම් හෝ ශීත ඇඳුම් - Winter Cloths
බොහෝ රෝහල් වලදී බබා ඉපදුණු පසුව, බබාගේ ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමට වූල් ඇඳුමක් අන්දවනු ලබයි. මේ සඳහා සුවපහසු ශීත ඇඳුම් කට්ටලයක් වුවද යොදා ගත හැක.
- වූල්/ශීත ඇඳුම් කට්ටල 1-2 පමණ


03. Swaddle Blankets - එතීම සඳහා රෙදි (මස්ලින්/ මල්පීස්)
පෙර සඳහන් කල පරිදි අලුත උපන් දරුවා අවට පරිසරයේ උෂ්ණත්වයට හුරු වන තුරු උණුසුම්ව හා පහසුවෙන් තැබීම සඳහා කල යුතු තවත් දෙයක් තමයි බබාව ඔතා තැබීම. මේ සඳහා පහසුවෙන් බබාව එතිය හැකි ආකාරයේ රෙදි වර්ගයක් තෝරා ගැනීම වැදගත් වේ.
- 76cm × 76cm - 3- 6 පමණ

04. Receiving Blankets / Quilted Sheets (බ්ලැන්කට්/ ක්විල්ට්/ ෆ්ලැනල් )
බබාව තැබීම සඳහාත් බබාව වඩා ගැනීමේදීත් භාවිතා කරන මෙම බ්ලැන්කට් තරමක් ඝනකමින් යුතු රෙදි වර්ගයකින් මැසීය යුතුය. වෙළඳපොලේද මෙය ක්විල්ට්, ෆ්ලැනල් ආදි වූ විවිධ ආකාරයන්ගෙන් ලබා ගත හැක.
- 76cm × 76cm - 2- 3 පමණ

05. Water proof Cot sheet - රබර් ෂීට්
නැපි භාවිතයේදී තෙතමනය මෙට්ටයට උරාගැනීම වැලැක්වීමට මෙන්ම, බබා ගේ ඩයපර් හා නැපි මාරු කිරීමේදී බබාව තැබීමටත් භාවිතා කරන මෙය වෙළඳ පොලේ විවිධ ද්‍රව්‍ය වලින් ලබාගත හැක.
මෙහිදී, බබාට පහසු මෙන්ම, පහසුවෙන් පිරිසිදු කල හැකි හා ඉක්මනින් වියලෙන සුලු ආකාරයක් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.
කොට් ෂීට් - 1- 2

සටහන: බබාගේ ඩයපර් මාරු කිරීම සඳහාම වන Diaper Changing table භාවිතා කල හැකි අතර ඒ මතද ඉහත ආකාරයේම Changing pad යොදාගැනේ.

06. Diaper Rash Ointment/ නැපි රෑෂ් ක්‍රීම්
පුංචි පැටව් නිතර චූ, කක්කි දාගන්නවා. ඒ වගේම එයාලාට දහඩිය දැමීමත් වැඩියි. මේ නිසා අලුත් අම්මලා සුලභව මුහුණ දෙන ගැටලුවක් තමයි nappy rash කියන්නේ.

බොහෝ අම්මලා හිතන්නේ මේ තත්වය ඇති වෙන්නේ ඉවතලන ඩයපර් භාවිතා කලවිට කියලයි. නමුත් එය සම්පූර්ණයෙන් දුර්මතයක්. කුමන ආකාරයේ ඩයපර් වර්ගයක් භාවිතා කලත් අපි අතින් සිද්ද වෙන පොඩි පොඩි අතපසු වීම් හා නොදැනුවත්කම් නිසා මේ තත්ව ඇති විය හැකියි.
- බබා මළපහ කල සෑම විටම හොඳින් පිරිසිදු කිරීම.
- පිරිසිදු කල පසු ඉතා හොඳින් තෙතමාත්තු කිරීම.
- බබාගේ ඇඳුම් පිරිසිදු කිරීමට සුදුසු සේදීම්කාරක ආකාරය (Laundry detergent) යොදා ගැනීම.
- බබාගේ සමේ සංවේදීතාවයට ගැලපෙන ප්‍රමිතියෙන් ඉහල ඩයපර් ආකාරයක් තෝරා ගැනීම.
- බබාව දිනපතා උදේ හවස නහවා, ඇඟ සෝදවා පිරිසිදු කිරීම.
- බබාව පිරිසිදු කරන සෑම විටම නැපි rash cream වර්ගයක් ආලේප කිරීම.
අමතරව:
- Rash තත්වය ඇතිවීම වලක්වා ගැනීමට මෙන්ම ඇති වී ඇති එවැනි තත්ව සුව කිරීමටත් මෙම cream වර්ග සුදුසු වේ.
- දහඩිය නිසා ඇති වන rash තත්ව සඳහාත් මෙම cream වර්ග ආලේප කිරීම කල හැකියි.
- පිරිසිදු කාබනික පොල්තෙල් ද nappy rash සඳහා භාවිතා කල හැකියි.

07. Wash Clothes/ Cotton balls/ Wet Wipes - පුලුන් බෝල/ සේදුම් තුවා/ පිස්නා

බබා මළපහ කල පසු පිරිසිදු කිරීම සඳහා කපු පුලුන් බෝල හෝ ඒ සඳහාම වන baby wipes වර්ගයක් යොදා ගත යුතුයි.

මෙම Wet wipes බබාගේ සමට සුදුසු ලෙස සකස් කර ඇති බැවින්, බබාව පිරිසිදු කිරීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී යොදා ගත හැක. එනම්, තෙත රෙදි කඩක් මෙන් ක්‍රියා කරන නිසා විශේෂයෙන් නිවසෙන් පිටත අවස්ථා වලදී පහසුවෙන් බබාව පිසදා පිරිසිදු කිරීම සිදුකල හැක.
සිනිඳු හා තුනී කුඩා තුවා ආකාරයක් ලෙස සකස් කල මෙම සේදුම් තුවා (Wash Cloths) බබාව නහවා පිරිසිදු කිරීමේදී ද භාවිතා කල හැක.

- Cotton balls (පුලුන් බෝල)- 1 pks/පැකට්
- Wet wipes (පිස්නා) - 2 pks/පැකට්
- Wash Cloths (සේදුම් තුවා) - 3-6
08. Cloth Bin/ Diaper Pail - නැපි බකට්
භාවිතා කල අපිරිසිදු නැපි/ඩයපර් සේදීමට එකතු කිරීම සඳහා ත්, ඉවත ලන ඩයපර් රැස් කිරීම සඳහාත් සුදුසු බඳුනක් සූදානම් කර ගැනීම කල යුතුයි. මෙසේ බබාගේ කිලිටි ඇඳුම් රැස් කිරීම සඳහා වැස්මක් සහිත බාල්දියක් වැනි බඳුනක් වඩාත් සුදුසු වන අතර ඉවන ලන ඩයපර් රැස් කිරීමට නම් පොලිතින් හෝ සෙලෝෆේන් බෑගයක් යෙදූ වැස්මක් සහිත යමක් යොදා ගත හැක.

මේ සඳහාම භාවිතා කරන, දුර්ගන්ධය පිටතට නොඑන ලෙස සකස් කල උපකරණද වෙළඳපොලේ ඇත.

09. Diaper Bag/ බෑගය
බබාව නිවසෙන් දුර බැහැර රැගෙන යාමේදී, බබාට අවශ්‍ය කරන දේවල් රැගෙන යාම සඳහා සුදුසු බෑගයක් සූදානම් කර ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. මෙය මවට තනිව හෝ බබා සමඟ රැගෙන යා හැකි විය යුතු අතර බබාට නිතර අවශ්‍ය වන ද්‍රව්‍ය සියල්ලම දැමිය හැකි විය යුතුය. මවට පහසුවෙන් හා ඉක්මනින් බෑගය තුල ඇති දේ පිටතට ගැනීමට හැකි වීමත් වැදගත්.

10. Laundry Detergent/ රෙදි සේදුම්කාරක
බබාලාගේ සුමුදු සම සඳහාම උචිත වන ලෙස නිෂ්පාදනය කරන ලද සේදුම් කාරක (detergent - washing powder or liquid) හා මෘදුකාරක (fabric softener) භාවිතය ඉතාම වැදගත් වන අතර එහි විෂබීජ නාශක හැකියාව ඇත්දැයි යන්න ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි.

11. BATHING - නැහැවීමට
i. Baby tub - නහවන බේසම

ii. Baby Basin - සෝදන බේසම

බබාගේ ඇඟ සේදීම ආදියේ දී භාවිතා කිරීම සඳහා ප්‍රමාණයෙන් තරමක් කුඩා සාමාන්‍ය බේසමක් භාවිතා කිරීම වඩාත් පහසු වන අතර, බබාගේ රෙදි සේදීම් ආදි කටයුතු වලටද මෙය ප්‍රයෝජනවත් වේ.
iii. Bowl - නැහැවීමට කෝප්පය

iv. Bath Mat/Rack - නාන රැක් එක

v. Wash Cloths - සේදුම් තුවා

vi. Baby Shampoo/ Wash/ Soap - ෂැම්පු/ සබන්

vii. Hooded Towel - බේබි තුවා

12. BREAST FEEDING - මව්කිරි ලබාදීමට
i. Nursing Bras - මව්කිරි ලබාදීම සඳහා වන තනපට

ii. Breast Pads - මව්කිරි පිටතට ඒම වැලැක්වීමට යොදන තුවා
මේවා නැවත භාවිතා කල හැකි ආකාර මෙන්ම ඉවත ලන ආකාර ලෙසද ලබා ගත හැකියි. නිවසේදීම සකස් කර ගැනීමට වුවද හැක.

අමතරව:
* Nursing Pillow - මව්කිරි ලබා දීමට පහසු වන C හැඩැති කොට්ටය

* Breast Pump - මව්කිරි දෙවීමට යොදාගන්නා උපකරණයක්
මෙය යන්ත්‍රාණුසාරයෙන් හා අතින් ක්‍රියාකරන ආකාර ආකාර ඇති අතර තම අවශ්‍යතාවය අනුව මිල දී ගත හැකියි.


* Feeding Bottle with nippies - සූප්පුව සමඟ කිරි බෝතල්

* Bottle Brush and washing liquid - බෝතල් සේදීමට බුරුසු හා සබන් දියර


13. SLEEPING - නිදි කරවීම සඳහා
i. Baby Nest / Quilted Sheet and roll pillow set- ක්විල්ට් ශීට්- ළදරු කූඩුව /රෝල කොට්ට


ii. Baby Mosquito Net - මදුරු දැල

* Crib and accessories - තොටිල්ල හා උපාංග


14. BABY PRODUCTS - ආලේපන වර්ග
තම අභිමතය පරිදි ආලේප වර්ග තෝරා භාවිතා කල හැකියි.
- Baby Lotion
- Baby Oil
- Baby Colong (ඇඳුම් වල තැවරීමට)
- Baby Powder (Prickly - heat)

15. MEDICINE - බෙහෙත් වර්ග
මේ සියල්ල වෛද්‍ය අනුමතය මත ලබා ගත යුතුය.
- Infant Paracetamol - ළදරු පැරසිටමෝල් වර්ගයක්
- Gripe Water - ග්රයිප් වෝටර්
- Saline Nasal Solution - සේලයින් දියර
- නහය පිරිසිදු කිරීමට උපකරණයක්




16. Thermometer - උෂ්ණත්වමානයක්

17. NAIL CARE - නියපොතු කැපීමට
- Scissors - කතුරක්
- Nail Clipper - නියකපනයක්
- Nail File - නිය මොට කරනයක්

අමතරව :
BABY GEAR - ආම්පන්න
18. Baby Carrier

19. Stroller/ Go-Cart/ Baby Cart

20. Baby Car Seat

මෙවැනි උපකරණ මිලෙන් අධික වුවද දරුවාගේ ආරක්ෂාව හා සැප පහසුව මෙන්ම මවගේ පහසුව හා කාර්යක්ෂමතාවය සඳහා බොහෝ උපකාර වන බැවින් බොහෝ විට භාවිතා වන එක් ආකාරයකට හෝ මුදල් වෙන් කිරීම වැදගත් වේ. එමෙන්ම එය නැවත දරුවන් ට භාවිතා කල හැකි බැවින් එක්තරා ආකාරයක මුදල් ආයෝජනයක් වේ.
~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™
Comments
Post a Comment