පැටියා වැටිලා.... ඔලුව වැදුනොත්.... - one fell down and bump his head
මාස 7-8 පහු වෙනකොට අම්මලා තාත්තලා බොහොම භියට හා කනස්සල්ලට පත් වෙන අවස්ථාවක් තමා බබා නිතරම වගේ වැටෙන එක. ඊටත් වඩා වැටිලා ඔලුව වදින එක. මේ වයස දරුවන්ගේ දළ චලන නිපුණතා සංවර්ධනයේ - Gross Motor Skill Development වැදගත් සංධිස්ථානයක් හමුවෙන කාලයක්. එනම් බබා ඇවිදීම නම් නිපුණතාවය ලඟා කර ගැනීමට අවශ්‍ය වන පෙර සාධක වන පෙරලීම, බඩගෑම, දණගෑම හා සිටගැනීම කියන නිපුණතා ලඟා කර ගන්නේ මේ කාලයට. මේ විදිහට එහෙ මෙහෙ දණගාන, බඩගාන පැටියා මේ වයසෙදී බොහෝ විට වැටුනු හෝ හිස හැපුනු ගමන්මයි. නමුත්, මෙසේ හිස වැදෙන බොහෝ අවස්ථා සුලු වේදනාවක් පමණක් ඇති, හානි නොමැති සිදුවීම් වේ. එබැවින් දෙමාපියන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතුයි. එසේ නම් මේ වෙලාවේදී දෙමාපියන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි බලමු. බබා ගේ ඔලුව වැදුනම මොනවද කරන්නෙ? 1. කලබල වෙන්න එපා. දෙමාපියන් කලබල උනොත් බබා තවත් කලබල වෙනවා. ඒ නිසා හැකිතාක් සංසුන්ව ක්‍රියා කරන්න. තාත්තා අම්මාට වත්, අම්මා තාත්තාට වත් බනින්න යන්න නම් එපා. එහෙම උනොත් බබාගේ හිසට පිටතින් වුන හානියට වඩා දහස් ගුණයක් වැඩි හානියක් බබා...