Posts

පැටියා වැටිලා.... ඔලුව වැදුනොත්.... - one fell down and bump his head

Image
        මාස 7-8 පහු වෙනකොට අම්මලා තාත්තලා බොහොම භියට හා කනස්සල්ලට පත් වෙන අවස්ථාවක් තමා බබා නිතරම වගේ වැටෙන එක. ඊටත් වඩා වැටිලා ඔලුව වදින එක. මේ වයස දරුවන්ගේ දළ චලන නිපුණතා සංවර්ධනයේ -  Gross Motor Skill Development වැදගත් සංධිස්ථානයක් හමුවෙන කාලයක්. එනම් බබා ඇවිදීම නම් නිපුණතාවය ලඟා කර ගැනීමට අවශ්‍ය වන පෙර සාධක වන පෙරලීම, බඩගෑම, දණගෑම හා සිටගැනීම කියන නිපුණතා ලඟා කර ගන්නේ මේ කාලයට. මේ විදිහට එහෙ මෙහෙ දණගාන, බඩගාන පැටියා මේ වයසෙදී බොහෝ විට වැටුනු හෝ හිස හැපුනු ගමන්මයි. නමුත්, මෙසේ හිස වැදෙන බොහෝ අවස්ථා සුලු වේදනාවක් පමණක් ඇති, හානි නොමැති සිදුවීම් වේ. එබැවින් දෙමාපියන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතුයි. එසේ නම් මේ වෙලාවේදී දෙමාපියන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි බලමු. බබා ගේ ඔලුව වැදුනම මොනවද කරන්නෙ? 1. කලබල වෙන්න එපා. දෙමාපියන් කලබල උනොත් බබා තවත් කලබල වෙනවා. ඒ නිසා හැකිතාක් සංසුන්ව ක්‍රියා කරන්න. තාත්තා අම්මාට වත්, අම්මා තාත්තාට වත් බනින්න යන්න නම් එපා. එහෙම උනොත් බබාගේ හිසට පිටතින් වුන හානියට වඩා දහස් ගුණයක් වැඩි හානියක් බබා...

කිරි ගල් වීම - Milk clogged ducts

Image
පැනයට පිළිතුරු 03 මව්කිරි ගල් වෙන්නේ ඇයි? මව්කිරි තන පුඩු තුලින් එලියට නොපැමිණෙන ක්ෂීර/කිරි නාල තුල සිර වී පැවතීම තමයි මේ කිරි ගල් වීම ලෙස කියන්නේ. ඉතා සිහින් ක්ෂීර/කිරි නාල තුල හට ගත් ඝන වූ කිරි කැටි සිරවීමෙන් මෙම තත්වය ඇතිවේ. මවට ඉදිමුම්, රත්පැහැ වීම් හෝ වේදනාවක් ඇති කල හැකි මෙම තත්වය මව්කිරි ලබා දෙන මව්වරුන් අතර නේ සාමාන්‍ය වූ ගැටලුවකි. මේ තත්වය ඇති විය හැකි හේතු කීපයකි. 01. බබා නිවැරදිව කිරි උරා නොබීම. බබා සම්පූර්ණ තන පුඩු කොටසම මුඛය තුලට නොගෙන කිරි උරා බීම නිසා බබාට කිරි හොඳින් උරාබීමට නොහැකි වේ. මේ නිසා නිපදවූ මව්කිරි ඉතිරි වී මෙම තත්වයට පත් වේ. විසදුම - බබාට සම්පූර්ණ තන පුඩු කොටසම මුඛය තුලට ගැනීමෙන් පසුව මව්කිරි ලබාදීම 02. නිතර මව්කිරි ලබා නොදීම. මව්කිරි නිෂ්පාදනය නිරන්තරයෙන් සිදු වන ක්‍රියාවලියක් වන අතර ඒ හා සමානව බබාට කිරි ලබා දීම සිදු නොකල විටද මෙම තත්වය ඇති වේ. විසදුම - නියමිත කාල පරාසය තුල, නියමිත වේලාවක් හා දරුවාගේ අවශ්‍යතාවය මත නිතර කිරි ලබා දීම. 03. මව්කිරි නිෂ්පාදනය වැඩි වීම. ඇතැම් මව් වරුන් දරුවාට අවශ්‍ය තරමට වඩා ඉතා වැඩි ප්රමාණයකින් මව් ක...

බබාට විය හැකි අනතුරු වලකමු - Safeguarding the Babies

Image
දරුවන් අපට අපේ ඇස් දෙක වගේ... එහෙම නේද? නමුත් අපේ අතින් සිදුවන සුලු අතපසුවීම් අපට මුලු ජීවිතේම කම්පා වෙන්න සිද්ධ වෙන දෙයකට හේතු වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම වගේ අපි හැම දෙනාම හොඳින් දැනුවත්. නමුත් නැවත නැවත මතකයට ඒම ලඟම ඇති අනතුරක් වැලැක්වීම ට හේතු වේවි. 1. වැටීම් • උස් ස්ථාන වල බබා ව තනිව නොතබන්න. Ex. ඇඳ, මේස • අනාරක්ෂිත උස් තැන්  වලට සුදුසු ආවරණ යොදන්න. Ex. ඇඳ, පඩිපෙල් වලට ගේට්ටු (baby fence) • ජනෙල් අසල ඉහලට නැඟිය හැකි භාණ්ඩ නොතබන්න. Ex. පුටු, මේස • සුලු ඇදීමකින් වුවත් පෙරලීමේ අවදානමක් ඇති ගෘහ භාණ්ඩ බිත්තියට සවි කරන්න. • බැල්කනි ඇතුලු අනාවරණය වූ ස්ථාන වලට ඇතුල් වීම් නිතර වසා අඟුලු යොදා තබන්න. • සුදුසු පාවහන් පලදවන්න. Ex. බබාගේ කකුලේ ප්‍රමාණයට ගැලපෙන හා සැහැල්ලු • පය පැකිළිය හැකි ඇඳුම් ඇන්දවීමෙන් වලකින්න. Ex. දිගු ගවුම්, සාය, සරම් • නිතර බිම වැටී ඇති අනතුරු දායක ද්‍රව්‍ය ඉවත් කරන්න. Ex.  සෙල්ලම් බඩු, ජලය, ආහාර කැබලි • සෙල්ලම් කිරීමේදී අවශ්‍ය ආරක්ෂ උපකරණ අනිවාර්යයෙන්ම භාවිතා කරන්න Ex.  බයිසිකල් පැදීමේදී හිස් ආවරණ 2. ...

චූටි පැටියා හතයි... හතයි... - Baby's first step

Image
අම්මා ගේ කුස තුල සතියෙන් සතිය වැඩුණු කිරි කැටියා, මෙලොව එළිය දුටු දා සිට මාසෙන් මාසෙත්, ඊටත් පස්සේ අවුරුද්දෙන් අවුරුද්දත් වැඩෙනවා. එහෙම තමා අපි දකින්නේ. ඒ අතරම බබා,    මුනින් හැරෙනවා, ඉඳ ගන්නවා, බඩ ගානවා, දණ ගානවා, සිට ගන්නවා ඊටත් පස්සේ තමා ඇවිදින්නේ. මව් කුස තුල මුල් අවධියේ අම්මාගේ කුස තුල දී පා ගැසීමට ඇරඹි මොහොතේ සිට, ළදරු විය පසු කර ළමා විය තෙක්ම දරුවා විසින් මෙලෙස පියවරෙන් පියවර ප්‍රගුණ කරන හැකියාවක් ලෙස ඇවිදීම දක්වන්න පුළුවන්. දරුවෙකු ඇවිදීම අරඹන්නේ මාස 9-15 ත් අතර වූ වයස් පරාසය තුලයි. එනම්, ඇතැම් දරුවන් මාස 9ක් තරම් අඩු කාලයකදී ඇවිදීම ආරම්භ කලද, තවත් සමහර දරුවන් මාස 15ක් වැනි කාලයකදී තමයි ඇවිදීම ආරම්භ කරන්නේ. තවද, මාස 15 ක් වැනි දිගු කාලයක් වන විටත් දරුවා ඇවිදීම ආරම්භ නොකලත්, පෙරලීම, හිඳ ගැනීම, බඩ ගෑම හා, දණගෑම ආදී සංධිස්ථාන ලඟා කර ගෙන සිටී නම් බිය වීමට අවශ්‍ය නොවන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත්, දරුවා මාස 15 වන විට ඇවිදීම නොකරන්නේ නම් වෛද්‍ය උපදෙස් ගැනීමයි සුදුසු. මේ නිසා දෙමාපියන් ලෙස, දරුවන් මෙසේ ඇවිදීම ප්‍රගුණ කිරීම හා සම්බන්ධ සංධිස්ථාන මොනවද ...