බබාට විය හැකි අනතුරු වලකමු - Safeguarding the Babies



දරුවන් අපට අපේ ඇස් දෙක වගේ... එහෙම නේද?
නමුත් අපේ අතින් සිදුවන සුලු අතපසුවීම් අපට මුලු ජීවිතේම කම්පා වෙන්න සිද්ධ වෙන දෙයකට හේතු වෙන්න පුළුවන්.

මේ හැම දෙයක් ගැනම වගේ අපි හැම දෙනාම හොඳින් දැනුවත්. නමුත් නැවත නැවත මතකයට ඒම ලඟම ඇති අනතුරක් වැලැක්වීම ට හේතු වේවි.

1. වැටීම්

• උස් ස්ථාන වල බබා ව තනිව නොතබන්න. Ex. ඇඳ, මේස
• අනාරක්ෂිත උස් තැන්  වලට සුදුසු ආවරණ යොදන්න. Ex. ඇඳ, පඩිපෙල් වලට ගේට්ටු (baby fence)



• ජනෙල් අසල ඉහලට නැඟිය හැකි භාණ්ඩ නොතබන්න. Ex. පුටු, මේස


• සුලු ඇදීමකින් වුවත් පෙරලීමේ අවදානමක් ඇති ගෘහ භාණ්ඩ බිත්තියට සවි කරන්න.


• බැල්කනි ඇතුලු අනාවරණය වූ ස්ථාන වලට ඇතුල් වීම් නිතර වසා අඟුලු යොදා තබන්න.
• සුදුසු පාවහන් පලදවන්න. Ex. බබාගේ කකුලේ ප්‍රමාණයට ගැලපෙන හා සැහැල්ලු
• පය පැකිළිය හැකි ඇඳුම් ඇන්දවීමෙන් වලකින්න. Ex. දිගු ගවුම්, සාය, සරම්
• නිතර බිම වැටී ඇති අනතුරු දායක ද්‍රව්‍ය ඉවත් කරන්න. Ex.  සෙල්ලම් බඩු, ජලය, ආහාර කැබලි
• සෙල්ලම් කිරීමේදී අවශ්‍ය ආරක්ෂ උපකරණ අනිවාර්යයෙන්ම භාවිතා කරන්න
Ex.  බයිසිකල් පැදීමේදී හිස් ආවරණ

2. නාසය හා උගුර ආශ්‍රිත සිර වීම්


• ඉතා කුඩා උපකරණ බබා ගෙන් ඉවත් කර තබන්න.
• බබා ගේ නිසි වයස් කාණ්ඩයට ගැලපෙන සෙල්ලම් බඩු මිල දී ගන්න. වැඩිමහල් දරුවන් සතු අවදානම් සහිත සෙල්ලම් බඩු බබා ගෙන් ඈත් කර තබාගැනීමට ඔවුන් උනන්දු කරවන්න.
• පොලිතින් හා සෙලෝෆේන් බෑග් බබා ට ලඟාවීමට නොහැකි තැනක තබන්න.
• වයර්, ලණු, කෝඩ් ආදිය බබා ට හසු නොවන සේ තබන්න.
• ජනෙල් හා දොර රෙදි භාවිතයේදී සැලකිලිමත් වෙන්න, හැකි නම් අවම කරන්න, නැතහොත් ජනෙල් රෙදි කෙටිව තබන්න.

3. ගින්දර හා වෙනත් පිළිස්සුම්


• උණුසුම් බඳුන් හා උණුසුම් පාන තබන මේස මත ඇතිරිලි ඉවත් කරන්න. සෑම විටම එවැනි බඳුන් හා පාන මේසයේ අයිනට ආසන්නව නොතබන්න.
• ලිප අසලට ළඟාවිය හැකි භාණ්ඩ ඉවත් කරන්න.  Ex. පුටු, බාල්දි, පෙට්ටි
• ගිනිපෙට්ටි, lighter, දරුවන්ට ලඟාවිය නොහැකි තැනක තබන්න.

• රත් වූ උපකරණ  (ex. අයන් වර්ග clothing iron, straighteners, curlers) බබාට ළඟාවිය නොහැකි සේ තබන්න.
• බබා නාවන වතුරෙහි උණුසුම සෑම විටම වැලමිට ආධාරයෙන් පරීක්ෂා කරන්න. උණුසුම් ජල කරාම භාවිතා කරන සෑම විටම ජලය බඳුනකට ගෙන භාවිතා කරන්න.
• දරුවන් වඩාගෙන සිටින විට හෝ ඇකයේ සිටින විට උණුසුම් පාන අත තබා ගැනීමෙන් වලකින්න.
• ලිප තැබූ සාස්පාන් වල හැඬලය සෑම විටම බබා ට  නොපෙනෙන සේ ඇතුල් පැත්තට හරවා තබන්න.


• කුස්සිය තුල කුඩා දරුවන් ගැවසෙන විට වඩා කල්පනාකාරීව කටයුතු කරන්න.

4. වස විෂ

• බෙහෙත් වර්ග, පිරිසිදු කාරක ද්‍රව්‍ය, සේදුම් කාරක සහ ගෙවත්තට/ වගාවන්ට භාවිතා කරන පොහොර හා බෙහෙත් වර්ග ආදි සියලු විෂ විය හැකි ද්‍රව්‍ය දරුවන් ට ලඟාවිය නොහැකි සේ තබන්න.

• එවැනි බෙහෙත් දරුවන් ට ඇරීමට නොහැකි බඳුන්, බෝතල්, කබඩ් තුල තබන්න.
• එවැනි ද්‍රව්‍ය මුල් ඇසුරම/බෝතලය තුලම සෑම විටම තබන්න. වෙනත් බඳුන් වලට දමා ගබඩා කිරීමෙන් වලකින්න.
• අනවශ්‍ය බෙහෙත් වර්ග සියල්ල සුදුසු පරිදි බැහැර කරන්න.


• දරුවන් පිටත පරිසරය තුල ගැවසීමේදී ගස් වල කොල හෝ ගෙඩි වර්ග කෑමට අනුබල නොදෙන්න. වැඩිහිටි අනුදැනුමකින් තොරව එසේ කල නොහැකි බව දන්වන්න. කුඩා දරුවන් පිටත පරිසරයේ ගැවසෙන විට වැඩි අවදානයකින් සිටින්න.
• විෂ මල්, කොල, ගෙඩි සහිත හෝ එසේ සැක කරන කිසිදු පැළෑටියක් ගෙවත්ත තුල තබා නොගන්න.
• වාතාශ්‍රය අඩු ගරාජය වැනි තැන් වලදී වාහන පණ ගැන්වීමේදී දරුවන් ඉවත් කරන්න. ආවරණය වූ ස්ථාන වල වාහන පණ ගන්වා නොතබන්න.
• ආහාර, පාන  වල කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කර දරුවන් ට ලබා දෙන්න.
• නිවසේ ඇති ආහාර කල් ඉකුත් වීමේ දිනය නිතර බලා, ඉවත් කිරීමට කටයුතු කරන්න.
• විනිවිද නොපෙනෙන ඇසුරුම් තුල ඇති ආහාර පිටතට ගෙන දරුවන්ට ලබා දෙන්න.

05. කැපුම් හා සීරීම්


• නිවසේ ඇති සියලු මුවහත් ආයුධ දරුවන් ට ලඟාවීමට නොහැකි සේ තබන්න.


• මුවහත් ආයුධ අත තිබෙන විට දරුවන් ලඟට ගැනීම නොකරන්න.
• දොර, ජනෙල් ඇතුලු වීදුරු මය භාණ්ඩ භාවිතයේදී සැලකිලිමත් වෙන්න. හැකි සෑම විටම ඒ සඳහා ආරක්ෂිත වීදුරු වර්ග(tempered glass, safty glass) භාවිතා කරන්න. නැතහොත් ඒ සඳහාම ඇති ස්ටිකර් එකක් යොදන්න.
• බිඳුනු වීදුරු හැකි ඉක්මනින් සුදුසු පරිදි බැහැර කරන්න.

6. දියේ ගිලීම්

• බබා නාවන විට ඉතා සුළු මොහොතකට හෝ ඉවත්ව නොයන්න.
• කුඩා දරුවන් සිටින විට නිවසේ ඇති පොකුණු, තටාක, ළිං, ටැංකි ආදි වතුර රැස් වන ස්ථාන වලට වැටක් හෝ වැස්මක් යොදන්න.
• ගංගා, ඇල දොළ, වැව් අසල නිවාස ඇති විට ඒ වෙත ලඟාවීමට නොහැකි ලෙස සකස්කරන්න.ග

7. විදුලිය හා විදුලි උපාංග


• විදුලි පේනු සඳහා නිසි ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න


• විදුලි උපකරණ භාවිතයෙන් පසු විසංධි කර දරුවන් ට ලඟාවිය නොහැකි සේ තබන්න. Ex. බ්ලෙන්ඩර්, අයන්, හොට් ප්ලේට්, හීටර්
• විදුලි උපකරණ වල රැහැන් හා බහු පේනු(multi plug) විදුලි රැහැන් දරුවන්ට ලඟා විය නොහැකි හෝ නොපෙනෙන පරිදි තබන්න.



• සෙල්ලම් බඩු මිල දී ගැනීමේදී බැටරි යොදන ස්ථානය ඇණ යොදා සවි කල හැකිදැයි පරික්ෂා කරන්න.

© kalSwijesooriya @ KC & Baby K


Comments

  1. Casino Tycoon, LLC Map & Floor Plans - MapyRO
    MapyRO is the highest rated real 창원 출장마사지 money casino. Real-time 창원 출장마사지 floor plans, including the location 제주도 출장마사지 and timings of 오산 출장마사지 all 당진 출장마사지 the buildings and amenities at the casino.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent