කිරි ගල් වීම - Milk clogged ducts

පැනයට පිළිතුරු 03


මව්කිරි ගල් වෙන්නේ ඇයි?

මව්කිරි තන පුඩු තුලින් එලියට නොපැමිණෙන ක්ෂීර/කිරි නාල තුල සිර වී පැවතීම තමයි මේ කිරි ගල් වීම ලෙස කියන්නේ. ඉතා සිහින් ක්ෂීර/කිරි නාල තුල හට ගත් ඝන වූ කිරි කැටි සිරවීමෙන් මෙම තත්වය ඇතිවේ. මවට ඉදිමුම්, රත්පැහැ වීම් හෝ වේදනාවක් ඇති කල හැකි මෙම තත්වය මව්කිරි ලබා දෙන මව්වරුන් අතර නේ සාමාන්‍ය වූ ගැටලුවකි.


මේ තත්වය ඇති විය හැකි හේතු කීපයකි.

01. බබා නිවැරදිව කිරි උරා නොබීම.
බබා සම්පූර්ණ තන පුඩු කොටසම මුඛය තුලට නොගෙන කිරි උරා බීම නිසා බබාට කිරි හොඳින් උරාබීමට නොහැකි වේ. මේ නිසා නිපදවූ මව්කිරි ඉතිරි වී මෙම තත්වයට පත් වේ.

විසදුම - බබාට සම්පූර්ණ තන පුඩු කොටසම මුඛය තුලට ගැනීමෙන් පසුව මව්කිරි ලබාදීම

02. නිතර මව්කිරි ලබා නොදීම.
මව්කිරි නිෂ්පාදනය නිරන්තරයෙන් සිදු වන ක්‍රියාවලියක් වන අතර ඒ හා සමානව බබාට කිරි ලබා දීම සිදු නොකල විටද මෙම තත්වය ඇති වේ.

විසදුම - නියමිත කාල පරාසය තුල, නියමිත වේලාවක් හා දරුවාගේ අවශ්‍යතාවය මත නිතර කිරි ලබා දීම.

03. මව්කිරි නිෂ්පාදනය වැඩි වීම.
ඇතැම් මව් වරුන් දරුවාට අවශ්‍ය තරමට වඩා ඉතා වැඩි ප්රමාණයකින් මව් කිරි නිපදවීම සිදු කරනවා. බබාට නිවැරදිව හා නිතර කිරි ලබා දුන්නද මේ තත්ත්වය ඇති වීමට හේතුව මෙය වියහැකියි.


විසදුම - බබා අවශ්‍ය තරම් මව් කිරි බී අවසාන වූ පසුද කිරි පිරී පවතී නම් මව් කිරි දොවා ඉවත් කිරීම කල හැකියි.

04. තන පුඩුවේ බිබිලි
මෙවැනි බිබිලි මඟින් කිරි විවිර වැසීම නිසා මෙම තත්වය ඇති විය හැකියි.

විසදුම - තනපුඩු හා පියයුරු නිතර පිරිසිදුව තබා ගැනීම හා මව් කිරි ලබා දීමෙන් පසුව තන පුඩු පිරිසිදු කිරීමෙන් මෙම තත්වය ඇතිවීම බොහෝ දුරට වලක්වා ගත හැකියි.

05. පියයුරු පටක මත ඇතිවන පීඩනය හෝ තෙරපුම
පියයුරු වල ප්‍රමාණයට ගැලපෙන හා මව්කිරි ලබා දීමට සුදුසු වන ඇඟැලුම් භාවිතා නොකිරීම.


විසදුම - මව්කිරි ලබා දෙන කාලයේදී ඒ සඳහාම නිෂ්පාදනය කල ඇඟලුම්(feeding bra) හා ප්රමාණයට ගැලපෙන අධික හිර ගතියෙන් තොර, සැහැල්ලු මෙන්ම කපු ඇඟලුම් භාවිතා කිරීමෙන් මෙය වලක්වා ගත හැකියි.

06. විජලනය
මව්කිරි වල වැඩිම ප්‍රතිශතය වන්නේ ජලයයි. අවශ්‍ය තරම් ජලය හා දියර පානය නොකළ විට මෙම තත්වය ඇති වේ.

විසදුම - නිතර වැඩිපුර ජලය පානය අනිවාර්යයෙන්ම කල යුතුයි.


07. අවිවේකී බව
අධික විඩාව හා තෙහෙට්ටුව නිසා ද මෙම තත්වය ඇතිවීම සිදුවන බව වෛද්‍ය මතය වේ.


විසදුම - විවේකී බව හා මනසිකව සෞඛ්‍ය සම්පන්න වීම මෙයට හොඳම ප්‍රතිකර්මයයි

08. අධිකව කය වෙහෙසීම
අධිකව කය වෙහෙස වන ව්‍යායාම හෝ වෙනත් කාර්යයන් කිරීමද කිරි ගල් වීමට හේතු වෙනවා. විශේෂයෙන් උඩු කය වෙහෙස වීම හේතුවෙන් මේ අවස්ථාව හට ගන්නවා.

විසදුම - මව්කිරි දෙන කාලය තුල ප්‍රභල ව්‍යායාම වල නිරත වීමෙන් වැලකිය යුතුයි.



මීට අමතරව, පහත ප්‍රතිකර්ම නිවසේදී සිදු කල හැකියි.

1. උණුසුම් ජලයෙන් පියයුරු තැවීම
2. උණු ජලය ස්නානය
3. සිරවී ඇති ස්ථානය සම්භාහනය කිරීම
4. මව්කිරි කිරි ලබා දීමෙන් පසු එම ස්ථානය මත අයිස් තැබීම කල හැකියි.


පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය වේ.

* පියයුරේ රතු වූ ස්ථාන හෝ තන පුඩුව ඉදිමී තිබීම.
* උණ ගැනීම හෝ උණ සෑදීමේ පෙර ලක්ෂණ පෙන්නුම් කිරීම.
* තද අපහසුතා හෝ දැඩි වේදනා සහිත වීම.


~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, අන්තර්ජාලය ඇසුරින් හා පත පොත අධ්‍යයනයෙන් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K


Comments

  1. Situs Judi Slot Online Gacor Terbaik - Kadang Pintar
    TENTANGJUDI SLOT งานออนไลน์ ONLINE. AGEN JUDI SLOT ONLINE. Pragmatic Play merupakan situs judi online kadangpintar terlengkap yang menghadirkan berbagai 바카라사이트 macam slot online,

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent