Posts

Showing posts from August, 2019

හිතකර/ අහිතකර මේදය

Image
මේදය යනු අපේ ශරීරයට අතයාවශ්‍ය පෝෂකාංග අතුරින් එකකි. නමුත් මේදය සෞඛ්‍යමත්ව පරිභෝජනය නොකලහොත් බොහෝ රෝග වලට ගොදුරු වීමේ ඉඩ කඩ වැඩියි. මේදය සැදී ඇත්තේ, මේද අම්ල වලින් වන අතර මේද අම්ල ආකාර දෙකකි.  • සංතෘප්ත මේදය - සත්වමය තෙල් • අසංතෘප්ත මේදය - ශාකමය තෙල් බටර් වැනි සත්ව තෙල් වල අඩංගු සංතෘප්ත මේද වලින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහල දැමීමක් සිදු වුවත්, ශාක තෙල් වලින් සාදන මාජරින් මෙන් හිතකර කොලෙස්ටරෝල් මට්ටමද අඩු කිරීම නොකරයි. ශාක තෙල් ශරීරයට වඩා හිතකර වුවත්, අධික උෂ්ණත්වයකට ලක් කිරීමේදී අහිතකර ට්‍රාන්ස් මේදය නිපදවනවා. උදා. මස්, අල පෙති බැදීම එලෙසම බොහෝ ආහාර නිෂ්පාදනය කර්මාන්ත වලදී වානිජ පරමාර්ථ හේතුවෙන් ශාක තෙල් හයිඩ්‍රජනීකරනය කර භාවිතා කරන අතර එහිදීද මෙම ට්‍රාන්ස් මේදය සෑදීම සිදු වෙනවා. උදා. බිස්කට් නිෂ්පාදනය මෙම ට්‍රාන්ස් ෆැට්; ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහල දැමීමටත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීමටත් හේතු වෙන අතර රෝගාබාධ බොහෝමයකට හේතු වෙනවා. • හෘදයාබාධ ඇති කිරීම. • අහිතකර වර්ගයේ(LDL) කොලෙස්ටෙරොල් වැඩි කිරීම. • පිළිකා

ළමා විය සංවර්ධන සන්ධිස්ථාන - Child Developmental Milestones

Image
(පෙර ලිපිය : https://kcandbabyk.blogspot.com/2019/08/child-development.html) බබාට වයස මාස 9-15 ත් කාලයේදී සෑම දෙමාපියෙකු ගේම නොඉවසිලිමත් බලාපොරොත්තුව වන්නේ තම පැටියා පුංචි පා ඔසවමින් ඇවිදීමයි. ඒ වගේම, මාස 6 ක් වූ විට පැටියාට ඝන ආහාර හඳුන්වා දීම ඇරඹීම මවකට ඇති තවත් භාරදූර වගකීමකි. මෙසේ දරුවන් යම් නිශ්චිත කාල රාමුවකදී සිදු කරන හෝ සිදුවන ක්‍රියාවන්, එහෙමත් නැත්තම් දරුවා ලබා ගන්නා කුසලතාවයන් ළමා සංවර්ධන සන්ධිස්ථාන ලෙස හඳුන්වයි. එනම්, බබා මාස 9-15 දී ඇවිදීමට ඉගෙනීමත්, මාස 6 ක් වූ විට ඝන ආහාර ආහාරයට ගැනීමත් යන නිපුණතා වර්ධනය බබාගේ සංවර්ධනයේ සන්ධිස්ථාන වේ. මෙම සන්ධිස්ථාන සංවර්ධනය සිදුවන්නේ යම් නියමිත පිළිවෙලකින් යුතුවයි. එනම්, දරුවෙකු යම් නිපුණතාවක් වර්ධනය කිරීමට පෙර වර්ධනය කර ගත යුතු තවත් නිපුණතා ඇත. උදා. දරුවන් පළමුව බඩගෑමට ඉගෙන ගතයුතු අතර, ඊට පසුව ඇවිදීමට පෙර, ස්ථාවරව සිට ගැනීමට ඉගෙන ගත යුතුයි, ඉන් අනතුරුවයි දරුවා ඇවිදීමට හැකියාව ලබන්නේ. එනම්,  දරුවන්ගේ වර්ධනය එකින් එකට බැඳී, පියවරෙන් පියවරට සිදු වන බවයි. එලෙසම මෙම සංධිස්ථාන බොහෝවිට පෙන්නුම් කරන්නේ සමාන කා

ළමා විය සංවර්ධනය - Child Development

Image
     වර්තමානයේ සෑම දෙමාපියෙකු ගේම බලාපොරොත්තුව තම දරුවා බුද්ධිමත්, නැණ නුවණින් හා කුසලතා වලින් පිරිපුන් දරුවෙකු කිරීමයි. තම දරුවා තුල සිදු වන සංවර්ධනය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් තැබීම එයට මහත් උපකාරයක් වනු ඇත. දරුවෙකු මව් කුස තුල පිලිසඳ ගත් පසු අවයව විකසනය වෙමින් ඇරඹෙන ළමා සංවර්ධනය, මෙලොව බිහි වූ දා පටන් හිස එසවීම, මුනින් පෙරලීම, වාඩි වීම, බඩගෑම, දණගෑම, ඇවිදීම, පැනීම ආදියේ සිට, කථා කිරීම, තනිව ආහාර ගැනීම හා ඇඳුම් සපත්තු ඇඳීම දක්වා වූ පුලුල් පරාසයක විසිර පවතී.  ඉන්පසුවද අධ්‍යාපනය ලැබීම, කුසලතා ඉගෙනීම හා දක්ෂතා ප්‍රගුණ කිරීම  (උදා. ගණිත කර්ම අධ්‍යයනය, චිත්‍ර ඇඳීම, ගීත ගායනය, ක්‍රීඩා කිරීම) දක්වාම දිව යන්නේ මෙම කායිකව මෙන්ම මානසිකව ද සිදුවන ළමා සංවර්ධනයයි. මීට අමතරව මුලුමනින්ම වගේ අපෙන් ගිලිහී ඇති සාමාජීයමය සංවර්ධනයත් දරුවෙකුගේ මනා සංවර්ධනයේදී වඩාත් වැදගත් වන සංධිස්ථානයක් බව දෙමාපියන් වටහාගත යුතුය. මෙම ළමා සංවර්ධනය විද්‍යාත්මකව ප්‍රධාන ආකාර 5 කින් හඳුනාගෙන ඇත. එසේම, යම් හඳුනාගත් කාල පරාසයකදී මෙසේ දරුවන් වර්ධනය කරන ප්‍රධාන හැකියාවන් ළමා සංවර්ධනයේ සන්ධිස්ථ

Finger foods

Image
මොනවද මේ finger foods? බබා ට තනිව අල්ලා කෑමට හැකි, කුඩා කැබලි ලෙස සකස් කරගත් ආහාර. ලබා දිය යුතු වයස? අනුමතය වන්නේ මාස 8 - 9 වන විට ලබා දීමයි. නමුත්, ආහාරයේ ස්වභාවය අනුව ඊට පෙර වුවත් ලබා දිය හැකියි. ඉතා ඉක්මනින් පොඩි වන සුලු, බබාට සිර වීමේ අවදානමක් නැති ආහාර වර්ග මෙසේ ලබා දිය හැකියි. උදා. හොඳින් ඉදුනු අලිපේර කුඩා කැබලි   එසේ ලබා දීමේ වැදගත්කම? • බබා ස්වාධීනත්වය (independence) උගනී • බබා ගේ ආත්මවිශ්වාසය (self-confidence) ගොඩනැගීමේ පළමු පියවර මෙය විය හැකියි. • සියුම් පේශි (ඇඟිලි තුඩු) භාවිතයෙන් යමක් ග්‍රහනය කර ගැනීමේ සුරු හැකියාව(fine motor skills) ලබයි. • ඇස් හා ඇඟිලි අතර සමායෝජන (coordination) හැකියාව වර්ධනය කරයි. • ආහාර වල; විවිධ ස්වභාවයන් - textures(රළු, සිනිඳු), වර්ණ, හැඩ, සුවඳ හඳුනාගැනීමට හැකියාව ලබයි. • බබා ආහාර ගැනීමට ප්‍රිය වේ. හඳුන්වා දිය යුත්තේ කෙසේද? Finger food කැබලි 3 -4 ක් feeding chair එක මත හෝ නොබිඳෙනසුලු පැතලි පිඟානක් මත බබා ට ලඟා විය හැකි පරිදි තබා කෑමට ඉඩ දෙන්න. බබා ආහාරයට ගන්නා විට නැවත නැවත කැබලි

වටු බිත්තර (quail eggs)

Image
මොනවාද මේ වටු බිත්තර? (quail eggs)  කිකිළි බිත්තර වලට වඩා ආසාත්මික වීමේ ප්‍රවණතාවයෙන් අඩු, නමුත් පෝෂණ ගුණයෙන් ඉහළ වටු කුරුලු බිත්තර රසවත් ආහාරයක් ලෙස ලොව පුරා බොහෝ රටවල ආහාර වලට එක් වේ. දරුවන්ට ආහාර හඳුන්වා දීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ආසාත්මික වීමේ ප්‍රවණතාවය වටු බිත්තර වල ඉතා අවම නිසා, කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට වර්තමානයේ බොහෝ මව්වරුන්ගේ ආහාර වට්ටෝරු වලට එක් වෙන වටු බිත්තර දරුවන්ට දිය යුතු ආකාරය පහත පරිදි වේ. • මාස 9- අවු: 1  - දිනකට කහ මද 1 • අවු: 1-3 -  දිනකට සම්පූර්ණ බිත්තර 1 • අවු: 3-7 -  දිනකට බිත්තර 2-3 • අවු: 7-වැඩි - දිනකට බිත්තර 3-5 ආසාත්මික වීමේ ප්‍රවණතාවයෙන් අඩු වුවද කුඩා දරුවන්ට හඳුන්වා දීමේදී, දින 3 ආසාත්මික පරීක්ෂාව සිදු කර ලබාදීම වඩාත් සුදුසුයි. වටු බිත්තර ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් නිසා ආසාදනකාරක රෝග වලින් දරුවන් ආරක්ෂා වීමට හේතු වේ. වටු කුරුලු බිත්තර ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර විටමින් හා අතයාවශ්‍යය ඛනිජ එන්සයිම වලින්ද අනූනයි. මේ නිසා දරුවන් ඌණතා රෝග වලින් ආරක්ෂා කර මනා වර්ධනයක් ඇති වීමටද හේතු වේ. වටු කුරුලු බිත්තර වල පෝෂකා

බබාගේ තෙල් වල සහ පැතලි හිස (baby's soft spot and flat head syndrome)

Image
තෙල් වල පැටියා සාමාන්‍ය ආකාරයෙන් (natural/normal/virginal birth) උපත ලබන විට බබා තෙරපීමකට ලක් වෙනවා. ඒ ඒ බබාගේ හිසේ ප්‍රමාණයත්, අම්මා ගේ ශරීරයේ වෙනස්කම් මතත් මේ තෙරපීම අඩු වැඩි වෙනවා. මෙන්න මේ තෙරපීමට හිස් කබල ඔරොත්තු දෙන්න තමයි බබාලාට තෙල් වල - soft spot (anterior fontanelle) පිහිටන්නේ. අපි දන්නේ තෙල් වලවල් එකයි නේ, නමුත් හිසේ පිටුපසත් මෙවැනිම තවත් හිස් ස්ථානයක් පවතිනවා. (posterior fontanelle) තෙල් වල කියන්නේ, බබාගේ හිස් කබලේ කොටස් එකිනෙක හා නොවීම නිසා ඉතිරිව පවතින ස්ථානයි. තෙල් වල ඇල්ලුවා කියලා හානියක් වන්නේ නම් නැහැ. කෙසේ හෝ, මේ තෙල්වල වල් නිසා බබා උපත ලබන විට හිස් කබලේ හැඩය වෙනස් වෙමින් බබා පිටතට පැමිණීම පහසු කරනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී බබා පිටතට පැමිණි පසුත් මේ වෙනස් වූ හැඩයන් ඒ ආකාරයෙන්ම පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී තමා බබාගේ ඔලුව දිගයි, බිම දාලා හදන්න වෙයි කියන කථාව මතු වෙන්නේ. හිසේ හැඩයේ වෙනස්කම් උපත ලැබූ පසුවද බබාගේ තෙල් වල වසර 2ක් පමණ ගත වන තුරුත් සම්පූර්ණයෙන් හා වීම සිදුවෙන්නේ නැහැ. නමුත් කුඩා වයසේ නිතර සිදුවන වැටීම්, හිස තදින් හැපීම් ආදී අනතුරු වලදී