Posts

Showing posts from 2019

කේෂ් පුතාගේ කෑම පිඟාන ඔයාටත් - Food plate of Baby Keish

Image
ඔයාට ත් ඕනිද?

බබාට හෙම්බා - Home Remedies for Baby's Cold

Image
© Prasanna_Wijesooriya Photography - බබාගේ සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම ප්‍රතිකර්ම මේ දවස් වල රටේ හැම පලාතකටම වගේ වැස්ස. වැස්සත් එක්ක පොඩ්ඩෝ ලෙඩ වෙන්නේ හිතා ගන්නවත් බැරි වෙලාවට. ඒ වගේම පොඩි හෙම්බිරිස්සාවකටත් වෛද්‍ය ප්රතිකාර හොයාගෙන ගිහින් බබාට නොයෙකුත් සිරප් වර්ග පොවන්න දැන් ගොඩක් දෙමාපියන් අකමැතියි. ඇත්තටම ප්රතිජීවක ඖෂධ නිතරම ලබා ගැනීම එතරම් සුදුසු දෙයකුත් නෙවේ. එයින් දරුවන්ගේ ස්වභාවික ප්‍රතිශක්තිය හීන වීමත් සිද්ධ වෙනවා. වර්තමානයේ බොහෝ දියුණු රටවල් වල විශේෂයෙන් දරුවන්ට ප්‍රතිජීවක හා අනෙකුත් ඖෂධ වර්ග ලබාදීම බොහෝ පාලනයක් ඇතිවයි සිදු කරන්නේ.  ඒ වගේම ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියට අනුව අපි ෆාමසියෙන් වේදනා නාශක ලෙස ලබා ගන්නා ඖෂධ දරුවන්ට නිතර ලබා දීම සුදුසු නොවේ. ඒ වගේම බොහෝ බටහිර රටවල් වර්තමානයේ මෙවැනි සුලු රෝග සමනය සඳහා අපි ඈත අතීතයේ සිටම භාවිතා කරන ලද බොහොමයක් ක්‍රම යොදාගන්නා බව දක්නට ලැබේ. වෛද්‍ය වරුන්ද එම ප්‍රතිකර්ම අනුමත කිරීම විශේෂයි. එසේ නම් අද ලිපිය බබාලාට හදිසියේ වගේම, නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව සමනයට නිවසේදීම යොදාගත හැකි ප්‍රතිකර්ම ගැනයි…. ~මේ කිසිවක් ඖෂධීය ප්‍

දරුවන්ගේ නොසංසුන්කාරී හැසිරීම් සාර්ථකව හික්මවන්නේ කෙසේද? How to handle tantrums of kids

Image
සමහර දඟ පැටව් මොන දේටත් මෙහෙම කියාගත්ත ගමන්මයි. • කෑම කන්න ගියාමත්, • වාහනයට නඟින්න ගියත්, • වාහනයෙන් බහින්න වුනත්, • නිදා ගන්න ගියාමත්, • උදේට ඇහැරෙන්න උනාමත්, හැමදේම ප්‍රතික්ෂේප කරන දරුවන් සුලභයි. ඒ වගේම; • එකම ඇඳුම විතරක් හැමදාම අඳින්න ඕනි වෙන • එකම කෑම වර්ගය විතරක් කන්න ඉල්ලන පොඩ්ඩොත් ඉන්නවා. දවසේ කුමන හෝ වේලාවකදී, එහෙමත් නැත්නම් කුමන හෝ වැඩකදී ඔබේ දරුවාත් ඔබ සමඟ එකඟ නොවී මෙසේ සටන් කරනවා විය හැකියි. එසේ නම්, ඔබත් බොහෝම කනස්සල්ලටත්, කම්පාවටත් පත්ව සිටිනවා නිසැකය. කණගාටු නොවන්න. ඒ ඔබේ දරුවා පමණක් නොවේ. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්නේ ඔබ පමණක් නොවේ. ඔබ බොහෝ අපහසුතාවටත්, කනස්සල්ලටත් පත් වන මෙවැනි අවස්ථා වලින් මිදෙන්නේ කෙසේද? ඒ සඳහා සාර්ථක විසඳුම් මොනවාද? දරුවා අපහසුතාවට පත් නොකර එවැනි අවස්ථා මඟ හරවාගන්නේ කෙසේද? ලොව පුරා මව් වරුන් මෙවැනි අවස්ථා වලදී ගත් සාර්ථක පියවර ගැන අපි මින් දැනුවත් වෙමු. ඔබත් මෙවැනි ක්‍රියාමාර්ග දැනටමත් ගන්නවාදැයි බලන්න. මෙම ලිපියෙන් ඔබට පහත ආකාරයේ ගැටලුකාරී අවස්ථා සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් විය හැකිය. 01. ඇඳුම් ඇඟලීමට

පොඩ්ඩන් ට කෑම - Food Recipes for Kids

Image
බබාට දෙන්න පහසුවෙන් හා ඉක්මනින් සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම සකස්කර ගත හැකි ආහාර වට්ටෝරු කීපයක් ඔබ වෙනුවෙන්ම මෙතැනින්.

අපේ චූටි කථා පෙට්ටිය - Our little chatter box

Image
චූටි පැටියා ගේ කථන හැකියාවේ ආරම්භය හා සංවර්ධනය.

සහල් හා ආසනික්

Image
බබාට දෙන්නේ බත් විතරද?

ආමන්ඩ් - Almond

Image
ආමන්ඩ් තන්තු බහුල වියලි ඇට වර්ගයක් වන අතර, කැල්සියම්, විටමින් E, රයිබොෆ්ලැවින් සහ නියාසින් බහුලය.

අලුත් ජීවයක්… නව ආරම්භයක්… තවත් මනුෂ්‍ය සම්පතක්

Image
Being a mom by KC & Baby K

බබාට අගුණ ආහාර - Foods to avoid in baby's day to day diet

Image
                බබාට දෙන්න ගුණ කෑම, හොඳ කෑම, බර වැඩි වෙන කෑම, රස කෑම ආදී එකී මෙකී නොකී සියලුම සුදුසු කෑම ජාති ගැන අපි කතා කරනවානේ. නමුත් දරුවන්ට නොසුදුසු ආහාර ගැන අපි කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම අපි ඒ ගැන ප්රමාණවත් තරම් දැනුවත් නොවෙන්න පුළුවන්. දවස තිස්සේ එහෙ මෙහෙ බඩ ගාන, දණ ගාන, වැටි වැටී ඇවිදින, එහෙම නැත්නම් දුවන පනින අපේ පොඩ්ඩන් ගේ අඛන්ඩ වර්ධනය සඳහා ඉතා ඉහල පෝෂණයක් අතයාවශ්‍යයි. ඒත් ඇතැම් විට දරුවන්ට ලබා දෙන ආහාර කිසිදු පෝෂණ ගුණයකින් තොර හෝ පෝෂණ ගුණ හානි වූ ආහාරයි (Junk food). මේ දේවල් වලින් පොඩ්ඩක් වැටුනත් බබාගේ චූටි බංඩිය නම් හරි ඉක්මනින් පිරෙනවා. ඊට පස්සේ අපි අමාරුවෙන් කැප වෙලා රසට ගුණට හදන කෑම එක කන්න බංඩියේ ඉඩක් නෑ. ඉතින් අම්මලා කියනවා බබා කන්නේ නෑ කියලා. පස්සේ බබාගේ බර අඩු වෙනවා. බබාට පෝෂණ ඌනතා එනවා. අන්තිමට බබාගේ වර්ධනය අඩාල වෙනවා. ඔන්න ඔහොම ප්‍රශ්න ගොඩකට මූහුණපාන්න ඉස්සර අපි දරුවන්ට නොදිය යුතු ආහාර මොනවාද කියලා දැනගමු. එසේ නම් අද ලිපියෙන් ගෙන එන්නේ චූටි බංඩි ගෙඩියට දාන්න සුදුසු නැති ආහාර වර්ග ගැන... 01. මී පැණි 02. පළතුරු යුෂ හා පළතුරු බීම 03. නොපිස