ආමන්ඩ් - Almond

ආමන්ඩ් තන්තු බහුල වියලි ඇට වර්ගයක් වන අතර, කැල්සියම්, විටමින් E, රයිබොෆ්ලැවින් සහ නියාසින් බහුලය.


ආමන්ඩ් ග්රෑම් 30 (ඇට 20-25) ක දෛනික අවශ්‍යතාවයෙන්
• විටමින් E. - 35%
• මැග්නීසියම්. - 20%
• රයිබොෆ්ලැවින් - 20%
• කැල්සියම්. - 8%
• පොටෑසියම් - 6%
....සපුරයි

• ගුණයන්
- බබාට නීරෝගී, පැහැපත් සමක් ලබා දේ.
- බබාගේ ප්‍රතිශක්තිය වඩවයි.
- මොළයේ වර්ධනයට උපකාරී වේ.
- අස්ථි ශක්තිමත් කරයි.
॰ ඔමේගා 3 මේද අම්ල සහිත අසංතෘප්ත මේද ආකාරයක් වන බැවින් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත මේද ආකාරයකි.
• ආසාත්මික අවදානමක් සහිතයි
- දින 3 ආසාත්මිකතා පරීක්ෂණය සිදු කර ලබා දීම අනිවාර්ය වේ.
- පවුලේ අය වියලි ඇට වර්ග සඳහා ආසාත්මිකතා දක්වා ඇත්නම් බබාට මාස 12ක් වන තුරු ලබා නොදීමයි සුදුසු.
• බබාට ලබා දීම
- ආමන්ඩ් සම්පූර්ණ ඇට ලෙස අවම වයස අවුරුදු 5ට පෙර ලබා නොදිය යුතුයි.
- මාස 9න් පසු ආමන්ඩ් කුඩු කර ලබා දිය හැකියි.
- බබාගේ ආහාර රසවත් කිරීම සඳහා යොදා ගත හැකියි.
- සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් ලෙස ලබා දිය හැකියි.
- ආමන්ඩ් කිරි ශාකමය ආහාර පමණක් ලබා ගන්නා පවුල්වල දරුවන්ට මාස 12න් පසු ලබා දිය හැකියි.
॰ ආමන්ඩ් තෙල් Sweet Almond oil)
• කුඩාම වයසේ දරුවන්ට වුවද සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට ආලේප කල හැක.
• වියළි සමට සුදුසු ප්‍රතිකර්මයකි.
• සම සුමට කරයි.
• පැහැපත් කරයි.
॰ ආමන්ඩ් පවුඩර්

• සාදා ගන්නා ආකාරය
පිටත පොත්ත ඉවත් කිරීමට;
‌- ආමන්ඩ් ඇට නටවූ උණු ජලයේ විනාඩි 5ක් පමණ තබා පොඟවා ගන්න.
- ජලය පෙරා, සාමාන්‍ය ජලයෙන් සෝදා පොත්ත ඉවත් කර ගන්න.
පිරිසිදු රෙදි කඩක් මත තබා වියළා ගන්න.
- පොතු ඉවත් කල හෝ නොකල ආමන්ඩ් ඇට අවන් එකක් හෝ අඩිය ඝනකම් පෑන් එකක් ආධාරයෙන් මද ගින්නේ රෝස්ට් කර ගන්න. දුඹුරු පැහැ වීමට ඉඩ නොදීම වැදගත්.
- හොඳින් නිවුණු පසු ග්‍රයින්ඩර් එකක් ආධාරයෙන් කුඩු කර ගන්න.
(වැඩි වේලාවක් ග්‍රයින්ඩර් කිරීමෙන් තෙල් ස්වභාවය පිටතට එන බැවින් සුලු වේලාවක් පමණක් ග්‍රයින්ඩර් කර ගන්න)

- නටන ජලයේ බහා ජීවාණුහරනය කර, හොඳින් වියලා ගත්, වීදුරු බඳුනකට දමා භාවිතා කරන්න. ශීතකරණයක තැබීම වඩාත් සුදුසුයි.
॰ ආමන්ඩ් බටර්

• සාදා ගන්නා ආකාරය
- ආමන්ඩ් ඇට කබලේ බැද හෝ අවන් එකක් ආධාරයෙන් බේක් කර, මද රස්නය තිබියදී ග්‍රයින්ඩ් කර ගන්න.
- මද වේලාවක් ග්‍රයින්ඩ් කිරීමේදී තෙල් ස්වභාවය මතු වී බටර් ආකාරයක් සෑදේ.
- නටන ජලයේ බහා ජීවාණුහරනය කර, හොඳින් වියලා ගත් වීදුරු බඳුනකට දමා භාවිතා කරන්න. ශීතකරණයක තැබීම වඩාත් සුදුසුයි.
॰ ආමන්ඩ් තෙල්

• සාදා ගන්නා ආකාරය
- ඉතා වියළි හා රෝස්ට් නොකල ආමන්ඩ් ඇට ග්‍රයින්ඩර් එකක අඩුම වේගයෙන් කුඩු කර ගන්න.
- හොඳින් කුඩු වූ විට ඔලිව් තෙල් තේ හැන්දක් පමණ එක් කරන්න.
- මද වේලාවක් ග්‍රයින්ඩ් කිරීමේදී තෙල් ස්වභාවය මතු වී බටර් ආකාරයක් සෑදෙන විට වේගවත්ම අදියරට සීරු මාරු කරන්න.
- ආමන්ඩ් ඉතා හොඳින් ග්‍රයින්ඩ් වී තලප ආකාරයට පත් වී තෙල් හොඳින් පෑදුණු පසු වියලි වීදුරු බඳුනකට දමා පසෙකින් තබන්න.
- තෙල් හොඳින් වෙන්වූ පසු අවශ්‍ය නම් වෙනත් බඳුනකට එක් කර භාවිතයට ගන්න.
॰ ආමන්ඩ් කිරි

• සාදා ගන්නා ආකාරය
- ආමන්ඩ් ඇට පිරිසිදු ජලයේ දින 2ක් පමණ පොඟවා ගන්න.
- පසුව ජලය ඉවත් කර සෝදා පොතු ඉවත් කර ගන්න.
- ආමන්ඩ් ඇට බ්ලෙන්ඩරයකට දමා ජලය කෝප්ප 2ක්ද එක් කර ඉහලම වේගයෙන් විනාඩි 2ක් පමණ බ්ලෙන්ඩ් කරන්න.
- පිරිසිදු රෙදි කඩක්(cheese cloth) ආධාරයෙන් කිරි වෙන්කර ගන්න.
- ශීතකරණයේ තබා දින 2ක් ඇතුලට පරිභෝජනයට ගන්න.
~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent