කේෂ් පුතාගේ කෑම පිඟාන ඔයාටත් - Food plate of Baby Keish
ඔයාට ත් ඕනිද?

ඔක්කොම එකට දාලා උයන බත් එක ද තාමත් බබාට දෙන්නෙ?මෙන්න මේ ප්‍රශ්න ඔක්කොටමයි මේ පිළිතුරු.
බබා කන්න හොරයි නේද?
බබාගේ කෑම එකට වෙනසක් කරන්න හිතනවාද? ඒත් මොනවාද කරන්නේ කියලා හිතා ගන්න බැරිද?
ඔයාගේ බබාට ත් ලස්සනට කෑම කන්න උගන්වන්න ආසයිද?
මේ තියෙන්නේ ඇත්තටම මගේ පුතු පැට්ටට මම හදපු කෑම පිඟාන්. මගේ පැටියාත් ගොඩක් පැට්ටෝ වගේ කෑම කන්න හරි හොරෙක්. එක දෙයක් ආසාවෙන් කන්නේ එක දවසයි. ඒ තරමට කෑම කන්න හොරයි. මෙන්න මේකට විසඳුම් හොයද්දී තමා මට මේ අදහස ආවේ. මොකද අපේ පැටියා එලියට ගියාම නම් හරි ආසාවෙන් කෑම කනවා. ඉතින් මට ඕනි උනා ගෙදරදිත් එයාට ආසාවෙන් කෑම කන්න හේතුවක් හදන්න. මම කලේ අපිට hotel එකකදී කන්න ලැබෙන විදිහට කෑම එක පිළිගන්වන එක. එහෙමත් නැත්තම් එයාගේ plate එක ඒ විදිහට හදන එක. ඔයාලා දන්නවනේ hotel එකකදී අපිට තෝරගන්න කෑම වර්ග කීපයක් (Menu) තියනවා. ඒ වගේම පියවර කීපයකින් (Courses) කෑම කන්නත්, බෙදා ගන්නත් ගන්නත් පුලුවන්.
ඒ වගේම ඔයාලා දැකලා ඇති පිටරට වල බබාලාත් ලස්සනට හොඳින් කෑම කනවා. අනේ අපේ අය තමා කන්නෙ නැත්තෙ කියලා දුක් වෙලාත් ඇති. ඒකට පුංචි රහසක් තියෙනවා. ඒ තමා එයාලා අපි වගේ හැමදේම එකට බෙදාගෙන කන්නේ නැහැ. ඒ වගේම කන්නේ විවිධ ආකාරයෙන් සකස් කල කෑම කිහිපයක් එකට. අපේ ආහාර පුරුදු හා රටා එක්ක ඒ හැම දේම කරන්න අමාරු වුනත් ඒ දේවල් අපේ ක්‍රමයට ආදේශ කර ගන්න අපිට පුලුවන්. මේ ඔයාලාට ඒ ගැන අදහසක් ගන්න කරන පුංචි උත්සාහයක්.
ඔයාලත් බබාලාට හැමදාම දෙන කෑම එක මෙහෙම දීලා බලන්න. එයාලා ආසාවෙන් කෑවොත් මටත් කියන්න.
(ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් කෑම වට්ටෝරු කීපයක් මේ සමඟම ඔබ වෙනුවෙන් පලකර ඇති. ආහාර වට්ටෝරු සඳහා මෙම ලිපිය බලන්න.)
Plate # 01.
Menu
MAIN
🥞බනානා පෑන් කේක් (Banana Pan Cake) Recipe
SIDE
🍧Yoghurt
DESERT
🍌Banana slices

Plate එක සකස්කරන විදිය
- සාදා ගත් පෑන් කේක් 2ක් - තෝරා ගත් පැණි වර්ගයත් සමඟ
- (අවශ්‍ය නම් පමණක් පොල් පැණි, මේපල් සිරප්, ඉඳි සිරප්, චොක්ලට් සිරප්)
- යෝගට් - බබා කන ප්‍රමාණය බඳුනකට එක් කර
- කෙසෙල් - බබාට කෑමට පහසු ලෙස පෙති කපා
Plate # 2.
Menu
MAIN
🍞ෆ්රෙන්ච් ටෝස්ට් Recipe හා 🥞පෑන් කේක් Recipe
SIDE
🍎Apple Sauce Recipe

Plate එක සකස්කරන විදිය
- සාදා ගත් පෑන් කේක් 2ක් - තෝරා ගත් පැණි වර්ගයත් සමඟ
- සාදාගත් ෆ්රෙන්ච් ටෝස්ට් කැබලි 2ක
- ඇපල් සෝස් බඳුනකට එක් කර හැන්දක් සමඟ
Plate # 3.
Menu
MAIN
🥞බනානා පෑන් කේක් Recipe හෝ පෑන් කේක් Recipe 🍞පාන් තැවරුමක් සමඟ (ඉඳි පේස්ට් Recipe ඇපල් සෝස් Recipe, නට් බටර් Recipe - ආමන්ඩ්/පීනට්/ පිස්ටා/කැෂූ)
SIDE
🍫චොකො සීරියල් (කැමති නම් පමණක්)
DESERT
🍑දෙළුම් ඇට

Plate එක සකස්කරන විදිය
- සාදා ගත් පෑන් කේක් 2ක් - තෝරා ගත් පැණි වර්ගයත් සමඟ
- පාන් කුඩා කැබලි වලට කපා කැමති තැවරුමක් එක් කර ගන්න
- (ඉඳි පේස්ට්, ඇපල් සෝස්, නට් බටර් - ආමන්ඩ්/පීනට්/ පිස්ටා/කැෂූ)
- දෙළුම් ඇට කීපයක් අතුරුපස ලෙස ලබා දිය හැකියි.
Plate # 4.
Menu
MAIN
🍚හබල පෙති, ගාගත් පොල් හා කෙසෙල් සමඟ Recipe
SIDE
🌽හෝල් ග්රේන් සීරියල් (කැමති නම් පමණක්) ඇපල් සෝස් සමඟ Recipe
DESERT
🍌කෙසෙල් පෙති කපා

Plate එක සකස්කරන විදිය
- සකස් කර ගත් හබල පෙති පොල් හා කෙසෙල් මිශ්‍ර කර ඝන මිශ්‍රණයක් ලෙස සකස් කරගන්න
- සම්පූර්ණ ධාන්‍ය වලින් සකස් කල සීරියල් වර්ගයක් ඇපල් සෝස් සමඟ
- කෙසෙල් පෙති ලෙස කපා බබාට පහසුවෙන් ආහාරයට ගත හැකි පරිදි ලබා දෙන්න.
ලබා දෙන්න.
Plate # 5.
Menu
MAIN
🥜🌰බේබි සීරියල්/ ත්‍රිපෝෂ, පොල් හා නට් බටර් සමඟ
SIDE
🌽හෝල් ග්රේන් සීරියල් (කැමති නම් පමණක්)
DESERT
🍎ඇපල් සෝස් සමඟ

Plate එක සකස්කරන විදිය
- බේබි සීරියල් හෝ ත්‍රිපෝෂ පොල් හා කැමති නට් බටර් වර්ගයක් එක් කර ඝන මිශ්‍රණයක් ලෙස සකස් කරගන්න
- සම්පූර්ණ ධාන්‍ය වලින් සකස් කල සීරියල් වර්ගයක්
- ඇපල් සෝස් සමඟ
Plate # 6.
Menu
MAIN
🥞Oats පෑන් කේක් Recipe
SIDE
🍧යෝගට්
DESERT
🍌කෙසෙල් පෙති

Plate එක සකස්කරන විදිය
- සාදා ගත් පෑන් කේක් - තෝරා ගත් පැණි වර්ගයත් සමඟ
- (අවශ්‍ය නම් පමණක් පොල් පැණි, මේපල් සිරප්, ඉඳි සිරප්, චොක්ලට් සිරප්)
- යෝගට් - බබා කන ප්‍රමාණය බඳුනකට එක් කර
- කෙසෙල් - බබාට කෑමට පහසු ලෙස පෙති කපා
Plate # 7
Menu
MAIN
🌿කොළ කැඳ Recipe එක මෙතනින්
SIDE
🍚බත්

Plate එක සකස්කරන විදිය
- සාමාන්‍ය ආකාරයෙන් ලුණු සීනි රහිතව සාදා ගත් කොළ කැඳ(බත් එක් කර නැහැ)
- තම්බා ගත් බත්
Plate # 8
Menu
MAIN
🍟Fried Veggies - බැද ගත් එළවලු Recipe
SIDE
🍳🥓Fried egg (chicken or quail) / fish/ chicken/ meat balls Recipe - බැද ගත් කිකිළි හෝ වටු බිත්තර/ මුහුදු හෝ මිරිදිය මාලු/ කුකුළු මස්/ මීට් බෝල්ස්/

Plate එක සකස්කරන විදිය
- බැද ගත් එළවලු හා
- මස්/මාලු/ බිත්තර වර්ගය

Plate # 9
Menu
MAIN
🥕🍠🥔Steamed/ Boiled Potatoes or Veggies - තම්බා ගත් අල වර්ග හෝ එළවලු Recipe
SIDE
🍗🍖🥚Boiled egg (chicken or quail) / fish/ chicken/ meat balls Recipe - තම්බා ගත් කිකිළි හෝ වටු බිත්තර/ මුහුදු හෝ මිරිදිය මාලු/ කුකුළු මස්/ මීට් බෝල්ස්
DESERT
🍎🍍🍉පලතුරු/යෝගට්/වෙනත්

Plate එක සකස්කරන විදිය
- තම්බා ගත් අල වර්ග හෝ එළවලු බටර් හෝ චීස් ස්වභාවයක් සමඟ
- මස්/මාලු/ බිත්තර වර්ගයක් ගම්මිරිස් හා දෙහි බිංදුවක් සමඟ
Plate # 10
Menu
MAIN
කිරි බත් (රතු සහල්/ සත් සහල් / මුං) Recipe
SIDE
ලුණු මිරිස් Recipe
DESERT
🍎🍍🍉පලතුරු/යෝගට්/වෙනත්

Plate එක සකස්කරන ආකාරය
- කැමති ආකාරයෙන් සකස් කර ගත් කිරි බත්
- ලුණු මිරිස්/ තක්කාලි හෝ චීස් සමඟ
Rice Plates

Menu
MAIN
🍚🍛🍜බත් (එළවලු බත්/කහ බත්/තෙම්පරාදු බත්/රතු බත්)
SIDE
🥘පිසූ එළවලු/අල/ධාන්‍ය, මස්/මාලු/බිත්තර,
🥗අමුවෙන් පලා/කොළ වර්ගයක් හෝ සලාද වර්ගයක්
DESERT
🥝පලතුරු/යෝගට්/වෙනත් - Recipe

Plate එක සකස්කරන විදිය
- පිස ගත් බත් (එළවලු බත්/කහ බත්/තෙම්පරාදු බත්/රතු බත්)
- පිස ගත් හෝ තම්බා ගත් එළවලු/අල/ධාන්‍ය
- තම්බා ගත් හෝ බැද ගත් මස්/මාලු/බිත්තර
- අමුවෙන් ආහාරයට ගත හැකි පලාකොල, සලාද එළවලු වර්ගයක්

Pasta/ Noodles Plates/ Cous-cous

Menu
MAINPlate එක සකස්කරන විදිය
🍝 පැස්ටා/ නූඩ්ල්ස්/ කුස් කුස් Recipe
SIDE
🍖🍗🥚තැම්බු හෝ බැද ගත් එළවලු/මස්/මාලු/බිත්තර
DESERT
🍓පලතුරු/යෝගට්/වෙනත් - Recipe
- තම්බා සකස්කල පැස්ටා/ නූඩ්ල්ස්/ කුස් කුස් චීස්/දියර කිරි සමඟ
- බැද ගත් හෝ තම්බා ගත් එළවලු/අල
- තම්බා ගත් හෝ බැද ගත් මස්/මාලු/බිත්තර
සූප් වර්ග

🍜එළවලු සුප්
🥘චිකන් සුප්
🍲පීකුදු සුප්
🍞🥖ටෝස්ට් කල පාන්/ බ්රෙඩ් රෝල් බටර් සමඟ
🍜තැම්බූ ධාන්‍ය සමඟ
ධාන්‍ය මය ආහාර
ඕට්ස් හා රයිස් සීරියල්

තැම්බූ ධාන්‍ය

වෙනත් වියලි ධාන්‍ය හා වියලි පළතුරු

Other Deserts - වෙනත් අතුරුපස
🍉පළතුරු කැබලි දෙහි බිංදු සමඟ හෝ සලාද
🍮පුඩින් Recipe

🍰බනානා බ්රෙඩ්/ කේක් Recipe


~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
Tʜɪs ᴀʀᴛɪᴄʟᴇ ɪs ᴡʀɪᴛᴛᴇɴ ᴀɴᴅ ᴄʀᴇᴀᴛᴇᴅ ʙʏ KalSwijesooriya ᴀᴜᴛʜᴏʀ @ KC and Baby K.
Rᴇʙᴜʙʟɪsʜɪɴɢ ᴡɪᴛʜ ᴀ Cᴏᴘʏ ᴏʀ Sᴄʀᴇᴇɴsʜᴏᴛs ɪs Nᴏᴛ Aʟʟᴏᴡᴇᴅ.
Yᴏᴜ Mᴀʏ Sʜᴀʀᴇ Iɴsᴛᴇᴀᴅ.
Aʟʟ Rɪɢʜᴛs Rᴇsᴇʀᴠᴇᴅ © 2019 KC and Baby K™
Comments
Post a Comment