අලුත උපන් කිරි කැටියා සමඟ පළමු සතිය - 1st week of a new born baby




අලුත උපන් කිරි කැටි පුතු පැටියා හෝ දූ පැටියා එක්ක දින 2 ක් හෝ දින කීපයක් රෝහලේ සිට ඔබේ කැදැල්ල ට පැමිණි ඔබ ට මේ ඇරඹෙන්නේ ඔබේ ජීවිතයේ වටිනාම වූත් භාරධූර වූත් කාලපරිච්ඡේද යි.

මේ වන විට අපේ කිරි කැටියා හොඳින් කුක්කු බොනවා. දවසේ වැඩි පැය ගණනක් (දවසට පැය 16ක් 18ක් විතර) නිදන නමුත් පැය 2-3 කට වරක් වත් බඩගිනි වෙලා නැගිටින්න ඕනි. ඊට වඩා දිගට නිදනවා නම් ඇහැරවලා කුක්කු දෙන්න කියලා තමා Docters ලා උනත් කියන්නේ. එහෙම ඇහැරවන්න ඕනි නම් හෙමීට යටි පතුල් අත ගාන්න.(කිති කවනවා වගේ) නැත්නම් එයාව ඔතලා තියෙන blanket එක ඉවත් කරලා පොඩ්ඩක් විතර සීතල දැනෙන්න ඉඩ දෙන්න. කොහොම හරි දවසට 8 - 12 වාර ගණනක් කුක්කු දෙන්න අම්මා මතක තියාගන්න.

මේ කාලෙදී බබා දවස තුල තෙමන nappy/diaper ගණන ගැන අපි හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනි. මව් කිරි විතරක් බොන අපේ පැටියා ට ඇති තරම් කුක්කු  පෙවෙනවාද කියලා දැන ගන්න පුළුවන් එකම විදිහ තමා ඒ. පලමු දින 3ක් විතර යනකම් අම්මා බබාට දෙන්නෙ කොලොස්ට්‍රම් (colostrum). ඒ තමා බබා ට ලැබෙන්න ම ඕනි මුල් කිරි. ඒ කාලය තුල දවසකට diapers 0-3 අතර වෙන්න පුළුවන්, නමුත් දින 3 න් විතර පස්සේ දවසකට diapers 5, 6ක් වත් මාරු කරන්න ඕනි. එහෙම නැත්නම් වෛද්‍ය වරයෙක් ගෙන් උපදෙස් ගන්න එක තමා හොඳ.

අපේ අලුත් සාමාජිකයා හාහාපුරා කියලා නාන්නෙත් ඔන්න මේ සතියේ තමා. බොහෝ විට මේක නම් සිද්ධ වෙන්නෙ බබාගෙ අත්තම්මා අතින්නෙ. ඒ නිසා ඒ ගැන වැඩි විස්තර පස්සේ කථා කරමු.

අලුත උපන් බබා ගෙ මීලඟට හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනි තැනක් තමා බබාගෙ පෙකණි වැල. මොකද මේකත් අලුත උපන් බබා ගෙ ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙන ලොකුම තැනක්. පෙකණි වැල වේලිලා බබා ගෙන් වැටෙන්නෙ සති 1ත් 2ත් අතර කාලෙදී. මේ වෙනකල් පෙකණි වැල පැසවන්නෙ නැති වෙන්න, විෂ බීජ නොයන්න පරිස්සම් වෙන්න ඕනි. බබාව නාවලා පෙකණි වැල  හොඳින් තෙත මාත්තු කරන්නත් මතක තියාගන්න. අපේ පැටියා පුතු පැටියෙක් නම් මේ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න අම්මා ට සිද්ද වෙනවා. පුතු පැටියා චූ කරද්දී පෙකණි වැල තෙමා  ගන්නෙ නැති වෙන්න අම්මා පරිස්සම් වෙන්න.

බබා ගෙ 2වන සතියෙන් හමුවෙමු.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, අන්තර්ජාලය ඇසුරින් හා පත පොත අධ්‍යයනයෙන් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent