චූටි බබාලාට සෙල්ලම් බඩු... - Toys for Infants



සෙල්ලම් බඩු කියපු ගමන් අපිට මතක් වෙන්නේ සෙල්ලම් කෝච්චි කාර්, බෝනික්කො, බෝල වගේ දේවල් නෙ නේද? ඒත් මම මේ කතා  කරන්නෙ එහෙම සෙල්ලම් බඩු ගැන නම් නෙවේ. මේ අපේ චූටිම පැටව් ට දෙන්න පුළුවන් සෙල්ලම් බඩු.

මෙයාලාට දෙන toys ගැන අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනි. ඒ මොනවාද කියලා අපි බලමු.

• බබා ට අතට ගන්න තරම් සැහැල්ලු විය යුතුයි.
• බබා ට කට තුලටම දමා ගැනීමට නොහැකි විය යුතුයි.
• ගැලවිය හැකි කුඩා කොටස් නොතිබිය යුතුයි.
• ජීවාණුහරනය කල හැකි ද්‍රව්‍යයකින් නිපදවා තිබිය යුතුයි.
• බබා ගෙ ඇඟිලි වලින් ග්‍රහණය කර ගත හැකි විය යුතුයි.

ඒ වගේම අපි බබාලා ට toys දෙන්න ඕනි සෙල්ලම් කරන්න විතරක්ම නෙවේ. 

• බබා ගෙ ඇස් වලට විවිධ වර්ණ, හැඩ හඳුනා ගැනීමට.
• බබා ට විවිධ ද්‍රව්‍යයන් (materials) හඳුනාගත හැකි වීමට.
       ex.  රබර්, ප්ලාස්ටික්, රෙදි, ලී
• බබා ට දත් ඒමට (teething) පහසු වීමට.
• බබා ට ඇඟිලි වල ක්‍රියාකාරීත්වය වටහාගැනීමට.
• බබා ට වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීමට උත්තේජකයක් ලෙස.
      ex. මුනින් පෙරළීමට

ඉතින් අපේ අම්මලා, තාත්තලා ට පුළුවන් නම් පැටියා ට toys අරන් දෙනවිට මේ කරුණු ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න ඒක බබා වෙනුවෙන් කරන්න පුළුවන් තවත් හොඳ දෙයක් වේවි.

මොන තරම් හොඳ, පරිස්සම් සෙල්ලම් බඩුවක් බබා අතේ තිබුනත් අපේ වැඩිහිටියෝ බබා ගැන හොඳ අවධානයකින් ඉන්න එක හරිම වැදගත්.

ඒ වගේම බබා භාවිතා කරන හැම සෙල්ලම් බඩුවක්ම නිතර  ජීවාණුහරනය කර පිරිසිදුව තියන්නත් මතක තියාගන්න.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, අන්තර්ජාලය ඇසුරින් හා පත පොත අධ්‍යයනයෙන් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent