පැටියා ට ඖෂධීය ස්නානයක් - Herbal bath for babies





අපේ පැටියා නාවන්න වතුර ලෑස්ති කරද්දී යොදා ගන්න පුලුවන් හොඳ ඖෂධීය ගුණ සහිත බෙහෙත් වර්ග ටිකක් තමයි මේ තියෙන්නේ...




රත් මල්, සුදු හඳුන්, රත් හඳුන් හා වෙනිවැල් කැබලි ජලය සමඟ තම්බලා පෙරාගෙන ඒ ජලය බබා ව නාවන්න ගන්න පුලුවන්. ඒ වගේම බබා නාවන වතුර එකට රත තෙල් බිංදුවක් එකතු කරන්නත් පුළුවන්. කොහොම උනත් බබා ඉපදිලා මුල්ම දවස් වල නම් පිරිසිදු ජලය පමණක් හොඳින් නටවා නිවා ගෙන, භාවිතා
කරන එක  තමයි හොඳම කියලයි මම නම් හිතන්නේ.

බබාව නාවන්න සුදුසුම වෙලාව නම් උදේ කාලය කියලයි සැලකෙන්නේ. ඒ වගේම බබා නාවන්න ගන්න ජලය මද උණුසුම සහිත වෙන්න ඕනි. අපේ වැලමිට යොදා ගෙන අපිට ඒක පහසුවෙන් බලා ගන්න පුලුවන්. සීතලත් නැති උණුසුමත් නැති තරම් රස්නයක් ජලයේ තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. එහෙමත් නැත්තම් හරිම උෂ්ණත්වය විදිහට 37°C ත් 38°C ත් අතර උෂ්ණත්වයක් සහිත ජලය තමයි ගන්න ඕනි.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, අන්තර්ජාලය ඇසුරින් හා පත පොත අධ්‍යයනයෙන් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent