අලුත උපන් කිරි කැටියා සමඟ දෙවන සතිය - 2nd week of a new born baby



අපේ පැටියා දැන් සතියක් වයසයි. අම්මා නම් ගෙවන්නේ අමාරු කාලයක්. තාත්තා ගෙ සහය අවශ්‍යම මොහොතක් තමා මේ.

මුලින් දවසම නිදි කියලා දැනුනු පැටියා දැන් බඩගිනි වෙලා අඩනවා, නිදා ගන්නේ නැතිව කලබලකාරී නොසන්සුන් හැසිරීම් දක්වනවා ඔයාට තේරෙයි. ලොකු ශබ්ද වලට ප්‍රතික්‍රියා දක්වනවා දකින්නට ලැබෙයි. මේ තමා අපේ කිරි කැටියා ගෙ සතුටුදායක වර්ධනය. (බබා ඉපදුන මාස ගණනත් එක්ක මේ දේවල් සිදුවන කාලය වෙනස් වෙනවා. ඒ නිසා අම්මලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න)

මේ කාලෙදී බොහෝ විට පෙකණි වැල වේලිලා වැටෙනවා. ඒත් තාමත් පෙකණිය ලා තෙත ස්වභාවයක් ගන්න පුළුවන්. හොඳින් තෙතමාත්තු කර පිරිසිදු කරන්න අම්මා මතක තියාගන්න. බබා ව නෑවුවාට පස්සේ මේ දේ කරන එක බබා ට වගේම අම්මා ටත් පහසු වෙයි. මේ සඳහා baby colong, saline solution එහෙමත් නැතිනම් hydrogen peroxide වගේ දෙයක් ඉතාමත් සුළු වශයෙන් භාවිතා කර, cotton bud එකක ආධාරයෙන් පිරිසිදු කරන්න ත් පුළුවන්.  (වෛද්‍ය උපදෙස් අනුව මේ දේවල් කරන එක ඔයාලා තීරණය කරන්න) ඒත් එක්කම බබා ගෙ මේ අලුත් පෙකණිය හොඳින් නිරාවරණය වෙන්න nappy/diaper අන්දන්නත් අම්මා පරිස්සම් වෙන්න ඕන. ඉක්මනින් පෙකණිය වේලෙන්න ඒක උදව් වෙනවා.

බබා තාමත් පැය 2-3 කට වරක් වත් කුක්කු බොන්න නැගිටිනවා.  ඔන්න තියෙනවා අපේ අලුත් තාත්තා ටත් වැදගත් රාජකාරියක්, ඒ තමයි බබාට ගුඩුස් (burps) යවන එක. බබා කුක්කු බීලා ඉවර හැම විටම වගේ මේ දේ කරන්න පුළුවන් නම් බබාට ගොඩක් පහසුයි. ඒ නිසාම බබා වැඩි වේලාවක් සුව සේ නිදාගනීවි. බබා යි තාත්තා යි අතර හොඳ බැඳීමක් ඇති වෙන්නත් මේක උදව් වෙන්වා වගේම අම්මලාට වඩා පහසුවෙන් මේ දේ කරන්න තාත්තලාට හැකියාව තියෙනවා කියලයි බොහෝ දෙනෙකුගේ මතයත්. ඒවගේම අලුත් අම්මා ටත් මේ පොඩි දේ උනත් ලොකු උදව්වක් වේවි.

හැකිනම් බබාව දින පතාම නාවන්න. ලංකාව ඌෂ්ණ දේශගුණයක් තියන රටක් නිසා අපිට වගේම බබාලාටත් ජලයෙන් ලැබෙන්නේ  සුවයක්.

බබා ගෙ 3වන සතියෙන් හමුවෙමු.

~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, අන්තර්ජාලය ඇසුරින් හා පත පොත අධ්‍යයනයෙන් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~

© kalSwijesooriya @ KC & baby K

Comments

Popular posts from this blog

පැනයට පිළිතුරු 01 (Problem_Solving)

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent