කෑම කවන යුද්ධය ජයගන්න- To win feeding fight
මොන තරම් රසට, එක එක විදියට කෑම හදලා දුන්නත් බබා කන්නෙම නෑ.....
මේක තමයි මාස 6 පහුවුන දඟයෝ ඉන්න ගොඩක් අම්මලා ට තියන ප්‍රශ්නය. අපි පුලුවන් තරම් දේවල් දාලා, එක එක විදියට, රසට ගුණට හදන කෑම එක අන්තිමට විසි කරනවා.
කෑම කන/කවන විදිහ ගැන සමාජය තුල හා විද්වතුන්ගේ විවිධ මත බොහෝ යි.
•බබා අකමැති නම් බලෙන් කවන්න එපා.
•කෑම වලට නිසි වෙලාවක් තියාගන්න.
•ඇවිද ඇවිද කවන්න එපා.
•කෑම කවන්න නියමිත තැනක් හදාගන්න.
•කෑම කවන්න ඩිජිටල් තිර භාවිතා කරන එපා.
•වෙන වැඩ කර කර කෑම කවන්න එපා.
ඇත්තෙන්ම මේ මත බොහොමයක් හේතු සහිත ඇත්ත. මෙහෙම හැමදේම ගැන හිතද්දි අම්මලාට හිතෙන එකම දේ බබාට කවා ගන්න විදිහක් ඇත්තෙම නැද්ද කියන එක.
බබා ට කෑම ටික කවා ගන්න අමාරුයි නම්, මේ දේවල් කීපයත් උත්සාහ කරලා බලන්න.
01. බබා ටත් හැන්දක්
බබා ට අපි කවන්න හැන්දක් පාවිච්චි කරනවා වගේම බබා ගේ අතටත් වෙනම හැන්දක් ලබා දෙන්න. බබා ඒ හැන්ද බොහෝ විට කටට දාගන්නවා. විටින් විට බබා ගේ හැන්දටත් ආහාර ස්වල්පයක් දෙන්න. බබා නොදැනුවත්වම කෑම කනවා වගේම හැන්දක් භාවිතා කරන මුල්ම ඉගෙනුම මෙය වේවි.
02. ආස කරන දේ සමඟ
03. බබා අතට කෑම
Ex. හොඳින් ඉදුනු අලිපේර, පැපොල්, ඇට ඉවත් කල කොමඩු, ඉතා හොඳින් තැම්බූ අල, බතල
වගේ ආහාර බබා ගේ කටේදී ඉක්මනින් පොඩි වී දිය වේ. මෙවැනි ආහාර බබා අතටත් මදක් ලබා දෙන්න. ඒ අතර තුර ඔබත් කවන්න. බබා නොදැනීම ආහාර ගනීවි. කෙසේ වුවත් බබා ගැන හොඳ සැලකිල්ලෙන් සිටීමට මතක තබාගන්න.
04. එක්ව කෑම මේසයට
මේ නම් අනිවාර්යයෙන්ම දරුවන්ට හුරු කල යුතු පුරුද්දක්. ඒ තමා පවුලේ අය එකට එක්ව ආහාර ගැනීම. දවසේ එක් වේලකදී හෝ මෙය අනුගමනය කරන්නේ නම් බබා ආහාර ගැනීම වැඩි දවසක් ප්‍රතික්ෂේප කරන එකක් නෑ. ඔබ ආහාර ගන්නා ආකාරය බබා නිරීක්ෂණය කරයි. බබා ඔබ කන ආහාර ඉල්ලයි. එවිට බබා ගේ ආහාරම ඔහුට ලබා දෙන්න.
05. අපේ කෑම බබාටත්
Ex. කිරි බත් සමඟ කට්ට සම්බෝල 😉
ලුණු රහිතව පොල් කිරි හෝ චීස් භාවිතා කර බබාට කිරිබත් ද, තක්කාලි, රතු ලූණු, ගම්මිරිස්, හාල්මැස්සන් කුඩු එක් කර කට්ට සම්බෝල ද සකස් කල හැක.
06. පාට පාට කෑම
Ex. කහ බතල, ග්‍රීන් පීස්, පීකුදු සමඟ බත්.
07. බබා සමඟ කතාබහ
08. හැඳි හා ආහාර බඳුන්
කෑම කවන හැන්ද දකින විට බබා ට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා ඔබ අත්දැක ඇති. ඒ ඇයිද කියා ඔබ සිතුවාද. බබා දන්නවා දැන් එයා අකමැති දෙයක් කරන්නයි යන්නේ කියලා.
හැකි නම් බබාට විවිධ වර්ණ, හැඩ වලින් යුතු හැඳි හා ආහාර බඳුන් කීපයක් සපයාගන්න. දවසින් දවස වෙනස් කරමින් භාවිතා කරන්න. බබා ගේ මනස සුපුරුදු ලෙස ක්‍රියා නොකරාවි.
09. කෑම සමඟ සෙල්ලම්
බබා කෑම ඇඟේ ගා ගන්නවාට, බිම හලනවාට අපේ අම්මලා කැමති නැහැනේ. නමුත් ආහාර සමඟ සෙල්ලම් කිරීම බබාගේ ආහාර රුචිය වඩවන්න හේතු වන බව ඔබ දන්නවාද. මෙයින් බබා ආහාර වල විවිධ ස්වරූපයන්, හැඩ, වර්ණ හඳුනා ගන්නවා. එනම් බබා ගේ බුද්ධි වර්ධනයට මෙය ඉවහල් වෙනවා. ඒ වගේම බබා නොදැනුවත්වම කෑම කනවා.
10. බබාත් එක්ක shopping
11. බබාත් කුස්සියට
12. බබාත් කනවා, පුතාත් කනවා
බබා කන තැන ඉදිරියෙන් කන්නාඩියක් තබන්න. බබා ට ඔහු කෑම ගන්නා ආකාරය එයින් බැලීමට ඉඩ සලසන්න. තමා ඉදිරිපිට "වෙනත්" බබෙක් ආහාර ගන්නවා දැකීම බබාටත් ආහාර ගැනීමට උද්යෝගයක් ඇති කරනු ඇති. බබා ආසාවෙන් කෑම කනවා ඔබට තේරේවි.
~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, පොත පත අධ්‍යයනයෙන් හා අන්තර්ජාලය ඇසුරින් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~
© kalSwijesooriya @ KC & baby K
Comments
Post a Comment