බබාට අගුණ ආහාර - Foods to avoid in baby's day to day diet

බබාට දෙන්න ගුණ කෑම, හොඳ කෑම, බර වැඩි වෙන කෑම, රස කෑම ආදී එකී මෙකී නොකී සියලුම සුදුසු කෑම ජාති ගැන අපි කතා කරනවානේ. නමුත් දරුවන්ට නොසුදුසු ආහාර ගැන අපි කතා කරන්නේ හරිම අඩුවෙන්. ඒ නිසාම අපි ඒ ගැන ප්රමාණවත් තරම් දැනුවත් නොවෙන්න පුළුවන්. දවස තිස්සේ එහෙ මෙහෙ බඩ ගාන, දණ ගාන, වැටි වැටී ඇවිදින, එහෙම නැත්නම් දුවන පනින අපේ පොඩ්ඩන් ගේ අඛන්ඩ වර්ධනය සඳහා ඉතා ඉහල පෝෂණයක් අතයාවශ්‍යයි. ඒත් ඇතැම් විට දරුවන්ට ලබා දෙන ආහාර කිසිදු පෝෂණ ගුණයකින් තොර හෝ පෝෂණ ගුණ හානි වූ ආහාරයි (Junk food). මේ දේවල් වලින් පොඩ්ඩක් වැටුනත් බබාගේ චූටි බංඩිය නම් හරි ඉක්මනින් පිරෙනවා. ඊට පස්සේ අපි අමාරුවෙන් කැප වෙලා රසට ගුණට හදන කෑම එක කන්න බංඩියේ ඉඩක් නෑ. ඉතින් අම්මලා කියනවා බබා කන්නේ නෑ කියලා. පස්සේ බබාගේ බර අඩු වෙනවා. බබාට පෝෂණ ඌනතා එනවා. අන්තිමට බබාගේ වර්ධනය අඩාල වෙනවා. ඔන්න ඔහොම ප්‍රශ්න ගොඩකට මූහුණපාන්න ඉස්සර අපි දරුවන්ට නොදිය යුතු ආහාර මොනවාද කියලා දැනගමු. එසේ නම් අද ලිපියෙන් ගෙන එන්නේ චූටි බංඩි ගෙඩියට දාන්න සුදුසු නැති ආහාර වර්ග ගැන... 01. මී පැණි ...