Posts

බබාගේ කාමරය සරසමු Baby Nursary Decor

Image
ලඟදි එන/ආව පුංචි අමුත්තාගේ කාමරය (Baby nursery) තමන් අතින්ම සරසන්න වැඩි වියදමක් නැති, පහසු අදහස් ටිකක් මෙන්න. සකස් කරන ආකාරයත් පියවරින් පියවර දක්වලා තියෙනවා. මෙයින් අදහස් අරන් බබා ගේ කාමරය සරසලා KC and Baby K පිටුවට ඔයාලාගේ photos share කරන්න.  © kalSwijesooriya @ KC & Baby K 01. සමනලයා~ අවශ්‍ය ද්‍රව්‍ය •සම චතුරස්‍ර හැඩ, ප්‍රමාණ 2කින්, පාට කඩදාසි  •ගම් ටේප් •මල් සැකසුම් සඳහා යොදා ගන්නා කම්බි කැබැල්ලක් ප්‍රමාණයෙන් විශාල හරි හතරැස් කොලය ගෙන, එහි එක් මුල්ලකින් පටන් ගෙන අවානක් නවන පරිදි අනෙක් විරුද්ධ මුල්ල දක්වා රැලි නවාගන්න(වෙසක් කූඩුවට රැලි කැපීමට නවා ගන්නා ආකාරයෙන්) රූපයේ දක්වා ඇති ආකාරය අනුව අදහසක් ගන්න පුලුවන්.   නැමීම ඇරඹූ හා නමා අවසන් කල තැන් එක්වම තබා ගෙන අනෙක් දෙපස රැලි ඈත් කරමින් සමනලයා ගේ ඉහල තටු දෙක සකස් කර ගන්න. එක්ව තබා ගත් මැද ස්ථානය ටේප් ආධාරයෙන් එකට අලවා ගෙන සුරක්ෂිත කර ගන්න. ඉන් පසුව මැද ටේප් දැමූ තැනින් මදක් ඉහලට නැවීමෙන් තටු දෙක ඉහලට සිටින පරිදි සකස් කර ගන්න.  මේ ආකාරයෙන්ම ප්‍රමාණයෙන් කුඩා හතරැස...

බබා ට කිරි වැඩිපුර..... More breast milk to ur infant

Image
" අනේ පැටියා කිරි කටට ගන්නවා ටිකකින් අඬනවා. කිරි මදිද දන්නෙ නෑ" "පැටියා ගෙ බර වැඩි වෙලා නෑ මේ මාසෙ. කිරි මදි ද කොහෙද" "කිරි බොන්නෙම නෑ අඬනවා ඉවරයක් නැතුව. කිරි ත් නැද්ද මංදා" ආයුබෝවන් හැමෝටම! අදත් අපේ අම්මලා ගොඩක් දෙනෙක් ට ප්‍රශ්නයක් වුන දෙයකට උත්තර අරන් තමා මම ආවේ. අපේ චූටියා හේතුවක් නැතිව අඬන හැම වෙලාවකම අම්මලා ට ඔලුවට එන පළවෙනි දේ තමා, "කිරි මදි වත් ද?" කියන දේ. බබා ට කිරි ඇති තරම් පෙවෙනවාද කියලා හරියටම සොයා ගන්න බැරි වීම තමයි මේකට ලොකුම හේතුව. කොහොම හරි අම්මලාට කිරි එරීම අඩු වීම සිදු වෙන්න පුළුවන්. ඒකට බලපාන්න පුළුවන් හේතු කිහිපයක්ම තියෙනවා. අම්මාට නිසි පෝෂණයක් නොලැබීම අම්මා ගෙ මානසික සෞඛ්‍ය බබා කිරි උරා නොබීම අම්මා ගෙ තනපුඩු වල අක්‍රමිකතා අම්මා ගේ හෝමන මය ගැටලු බබා ගේ මුඛයේ අක්‍රමිකතා - lip tie, tongue tie මව පානය කරන ජලය/දියර ප්‍රමාණය මේවා ගෙන් බොහෝමයක් හේතූන් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර මඟින් සුව කර ගත යුතු ප්‍රශ්න. නමුත් මවගේ පෝෂණය කියන්නේ ඉතා පහසුවෙන් අපි විසින්ම විසදාගත හැකි ගැටලුවක්. ඉතින් මේ තියෙන්නේ ...

බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරමු - Make Ur baby Intelligent

Image
1. එක්ව ගී ගයන්න, එක්ව කියවන්න • ගීත ගායනා කිරීම ත්, ගීත වලට සවන් දීම ත් මඟින් දරුවාගේ ශබ්දය (sound), තාලය (rhythm) හා භාෂාව (language) පිළිබඳව  ඉගෙනුම වර්ධනය වීම සිදු වේ. • දරුවන් වෙනුවෙන් කියවීම යනු දෙමාපියන් ගේද මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකමකි. එමෙන්ම දරුවා හට වචන යොදා ගන්නා පිළිවෙල හඳුනා ගැනීමට මෙය උදව් වෙනවා.  (මේ සඳහා සුදුසු ළමා ගී, ශාස්ත්‍රීය ගී,  තෝරාගැනීමට වග බලා ගන්න.වර්ණවත්, පැහැදිලි රූප හෝ ත්‍රිමාණ හැඩ සහිත  පොත් තෝරා ගත හැක.දරුවන් වඩාත් සංවේදී වන්නේ  තම දෙමාපියන් ගේ කටහඬ ට බව මතක තබාගන්න) 2.   සිප ගන්න, තුරුළු කරගන්න, ආදරය ලබා දෙන්න මිනිස් සිත/මොළය සැකසී ඇත්තේ තම ආරක්ෂාව වෙනුවෙන් නිසැකවම ක්‍රියා කිරීමට. දරුවන් නිතර දෙමාපියන් ගෙන් රැකවරණය පතන්නේ මේ නිසයි. ඔවුන් ගේ මනස රැකවරණය හඳුනාගන්නේ සිප ගැනීම, තුරුළු කරගැනීම හා ආදරය ලබාදීම එහෙමත් නැත්නම් සුරතල් කිරීම තුලින්. මෙය ඔවුන් ගේ මනසේ සුරක්ෂිත වර්ධනයට ඉවහල් වේ. 3. මිහිරි හඬින්, ඇස් සමඟ, කතා කරන්න උපන් අලුත සිටම බබාට කතා කිරීම මුහුණේ ඉරියව් හා හැඟීම් හඳුනා ගැනීමේ ස...

බබා ට සුව නින්දක්, අම්මාට සුව පිබිදීමක්! Good sleep for baby , happy awaking for mum!

Image

පැටියා ට ඖෂධීය ස්නානයක් - Herbal bath for babies

Image
අපේ පැටියා නාවන්න වතුර ලෑස්ති කරද්දී යොදා ගන්න පුලුවන් හොඳ ඖෂධීය ගුණ සහිත බෙහෙත් වර්ග ටිකක් තමයි මේ තියෙන්නේ... රත් මල්, සුදු හඳුන්, රත් හඳුන් හා වෙනිවැල් කැබලි ජලය සමඟ තම්බලා පෙරාගෙන ඒ ජලය බබා ව නාවන්න ගන්න පුලුවන්. ඒ වගේම බබා නාවන වතුර එකට රත තෙල් බිංදුවක් එකතු කරන්නත් පුළුවන්. කොහොම උනත් බබා ඉපදිලා මුල්ම දවස් වල නම් පිරිසිදු ජලය පමණක් හොඳින් නටවා නිවා ගෙන, භාවිතා කරන එක  තමයි හොඳම කියලයි මම නම් හිතන්නේ. බබාව නාවන්න සුදුසුම වෙලාව නම් උදේ කාලය කියලයි සැලකෙන්නේ. ඒ වගේම බබා නාවන්න ගන්න ජලය මද උණුසුම සහිත වෙන්න ඕනි. අපේ වැලමිට යොදා ගෙන අපිට ඒක පහසුවෙන් බලා ගන්න පුලුවන්. සීතලත් නැති උණුසුමත් නැති තරම් රස්නයක් ජලයේ තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. එහෙමත් නැත්තම් හරිම උෂ්ණත්වය විදිහට 37°C ත් 38°C ත් අතර උෂ්ණත්වයක් සහිත ජලය තමයි ගන්න ඕනි. ~මෙහි අන්තර්ගතය මා සතු පෞද්ගලික අත්දැකීම් ද, අන්තර්ජාලය ඇසුරින් හා පත පොත අධ්‍යයනයෙන් මා ලබා ගත් දැනුමද වන අතර, අවශ්‍ය විට සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඔබ සතුය.~ © kalSwijesooriya @ KC & baby K

චූටි බබාලාට සෙල්ලම් බඩු... - Toys for Infants

Image
සෙල්ලම් බඩු කියපු ගමන් අපිට මතක් වෙන්නේ සෙල්ලම් කෝච්චි කාර්, බෝනික්කො, බෝල වගේ දේවල් නෙ නේද? ඒත් මම මේ කතා  කරන්නෙ එහෙම සෙල්ලම් බඩු ගැන නම් නෙවේ. මේ අපේ චූටිම පැටව් ට දෙන්න පුළුවන් සෙල්ලම් බඩු. මෙයාලාට දෙන toys ගැන අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනි. ඒ මොනවාද කියලා අපි බලමු. • බබා ට අතට ගන්න තරම් සැහැල්ලු විය යුතුයි. • බබා ට කට තුලටම දමා ගැනීමට නොහැකි විය යුතුයි. • ගැලවිය හැකි කුඩා කොටස් නොතිබිය යුතුයි. • ජීවාණුහරනය කල හැකි ද්‍රව්‍යයකින් නිපදවා තිබිය යුතුයි. • බබා ගෙ ඇඟිලි වලින් ග්‍රහණය කර ගත හැකි විය යුතුයි. ඒ වගේම අපි බබාලා ට toys දෙන්න ඕනි සෙල්ලම් කරන්න විතරක්ම නෙවේ.  • බබා ගෙ ඇස් වලට විවිධ වර්ණ, හැඩ හඳුනා ගැනීමට. • බබා ට විවිධ ද්‍රව්‍යයන් (materials) හඳුනාගත හැකි වීමට.        ex.  රබර්, ප්ලාස්ටික්, රෙදි, ලී • බබා ට දත් ඒමට (teething) පහසු වීමට. • බබා ට ඇඟිලි වල ක්‍රියාකාරීත්වය වටහාගැනීමට. • බබා ට වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීමට උත්තේජකයක් ලෙස.       ex. මුනින් පෙරළීමට ඉතින් අපේ අම්මලා, තාත්තලා ට පුළුවන් න...

බබා ගේ එන්නත් - VACCINATION in Sri Lanka

Image
බබා ඉපදුන දවසේ ඉඳලම අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය දෙයක් තමයි බබා ට බෙහෙත් විදින එක(vaccination). මේ තියෙන්නේ අපේ රටේ එහෙම අනිවාර්යය කරලා තියෙන එන්නත් ටික, බබා ට දෙන්න ඕනි වයසත් එක්ක. මේ හැම එකක්ම අපේ රටේ නොමිලේ ම අපේ බබාලා ට ලබා දෙනවා. ගොඩක් අම්මලාට කාර්ය බහුලත්වයත් එක්ක මේ එන්නත් නිසි කාලෙදී ලබා දෙන්න අතපසු වෙන්න පුළුවන්. ඉතින් මේ මම හදපු  vaccine list එක, ඔයාලට පුළුවන් print එකක් අරන් හොඳට පෙනෙන තැනක තියා ගන්න. එහෙමත් නැත්නම් phone එකට save කරගන්න උනත් පුළුවන්... © kalSwijesooriya @ KC & baby K